කුපාඩි දේශපාලනයට තිත: අසත්‍ය පතුරුවන්නන්ට එරෙහිව රජයෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්!

සමාව දීම නතර වෙයි! ලාල්කාන්තගෙන් නීතියේ දැඩි නියෝගය!

නීතිය අකුරටම! 159ක ජනවරම පාවිච්චි කරන හැටි ඇමැති ලාල්කාන්ත කියයි!

අහගෙන ඉඳලා ඉඳලා ෂොට් එක දෙන වෙලාව ඇවිත්! – ලාල්කාන්තගෙන් දැඩි ප්‍රකාශයක්!

අසත්‍ය පතුරුවන අයට සහ කුපාඩි වැඩ කරන අයට තවදුරටත් සමාවක් නැහැ – ඇමැති ලාල්කාන්තගෙන් දැඩි අනතුරු ඇඟවීමක්! අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා   කියයි.

“රටේ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කරමින්, අසත්‍ය පතුරුවන්නන්ට සහ අකටයුතුකම් කරන්නන්ට එරෙහිව රජය සිය උපරිම බලය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ජනතාව ලබා දුන් 159ක අතිමහත් බලය හෑල්ලු කිරීමට ඉඩ නොතබන බවත්, වැරදි කරන්නන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.”

වැඩසටහන අමතමින් අමාත්‍යවරයා දේශපාලන කරුණු සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදු කළේය. රජයට අපහාස කරන සහ අසත්‍ය පතුරුවන පිරිස් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අපි බලය ගත්තේ දේශපාලනය වෙනස් කරන්න. අපි අහගෙන ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට දෙනවා. කුපාඩි වැඩ, තක්කඩි වැඩ කරලා පස්සේ වැරදීමක් වුණා කියලා සමාව ඉල්ලුවට වැඩක් නැහැ. සමාව දෙන්න අපි සූදානම් නැහැ. ජනතාව අපිට 159ක බලයක් දීලා තියෙන්නේ නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නයි.

ඇමතිවරයා වැඩිදුරටත් කී දේ මෙන්න .

රටේ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකාර්මික පුනරුදයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ ඇලයාපත්තුව මහමාන්කඩව වැව සහ මහළිඳ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී අක්කර අඩි 2010ක ධාරිතාවයකින් යුත් මහමාන්කඩව වැව සහ අක්කර අඩි 1273ක ධාරිතාවයකින් යුත් මහළිඳ වැවෙහි වාන සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි. මෙම ව්‍යාපෘති හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා බිම් අක්කර 1000කට අධික ප්‍රමාණයකට ස්ථාවර ජල පහසුකම් සැලසීමට නියමිතය.

ගොවීන් මුහුණ දෙන වී වේලීමේ ගැටලුවට විසඳුමක් ලෙස ගොවි කණ්ඩායම් සඳහා වී වේලන යන්ත්‍ර ලබා දීමටත්, රජයේ මැදිහත්වීමෙන් සෑම ප්‍රදේශයකම වී ගබඩා පහසුකම් ඇති කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. තමන්ට අවශ්‍ය මිලක් ලැබෙන තෙක් වී ගබඩා කර තැබීමේ අයිතිය ගොවියාට ලබා දීම මෙහි අරමුණයි.

පසුගිය කාලයේ ඇති වූ දිට්වා සුළි කුණාටුව සහ ඇමරිකාව පැනවූ නව බදු හේතුවෙන් රජය අභියෝග රැසකට මුහුණ දුන් බවත්, එහෙත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ ගොවීන්ගේ කැපවීම මත කෘෂිකර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදී රැක ගැනීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ග්‍රාමීය සංවර්ධනය සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ‘ප්‍රජා ශක්ති කමිටු’ හරහා ගමේ තීන්දු තීරණ ගැනීමට ජනතාව සක්‍රීයව දායක විය යුතු බව පවසමින් අමාත්‍යවරයා සිය කතාව අවසන් කළේය.

Share.
Leave A Reply