විභාග යන්ත්‍ර වෙනුවට ගුණවත් දරුවන්: පාසල් පද්ධතියේ දැවැන්ත පෙරළියකට අගමැතිනිය සැරසෙයි.

පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම උදෙසා ‘C2 Centers’ ජාතික වැඩසටහන ඇරඹේ.

අධ්‍යාපනයේ නව මාවතක්: සිසු උපදේශනය සහ වෘත්තීය මා ර් ග උපදේශනය පාසල් පද්ධතියට බද්ධ කෙරේ.

පාසල රැකවරණයක්: දරුවන් වෙනුවෙන් නව ජාතික වැඩපිළිවෙළක්!

21 වන සියවසට ගැලපෙන දරුවෙකු වෙනුවෙන් පාසල වෙනස් වෙයි!

පාසල දඬුවම් දෙන තැනක්නොව ආදරය දෙන තැනක්කරන දැවැන්ත ජාතික මෙහෙයුම ඇරඹෙයි!

පාසල තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක්. අපේ අරමුණ දරුවන්ට සිය අනාගත සිහින කරා යාමට වඩා සුරක්ෂිත ලෝකයක් විවර කර දීමයි.”

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය!

මෙරට පාසල් පද්ධතිය තුළ ශිෂ්‍ය උපදේශනය සහ වෘත්තීය මගපෙන්වීම විධිමත් කරමින්, දරුවන්ට රැකවරණය සපයන විශ්වාසදායක මධ්‍යස්ථානයක් බවට පාසල පත් කිරීමේ “C2 Centers” ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) නිල වශයෙන් ආරම්භ විය.

මින් ඉදිරියට පාසල යනු හුදෙක් විභාග සමත් කරන තැනක් පමණක් නොව, දරුවාගේ මානසික සුවය සහ ආරක්ෂාව තහවුරු කරන තැනක් බවට පත් කෙරේ.

සෑම පාසලකම දරුවන්ට තම ගැටලු විවෘතව පැවසිය හැකි සහ අනාගත වෘත්තීය මාවත තෝරා ගැනීමට උදවු වන විශේෂිත ඒකක පිහිටුවනු ලැබේ.

උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම නැංවීමට 21 වන සියවසට ගැළපෙන නව මාර්ගෝපදේශ සංග්‍රහයන් සහ මොඩියුලයන් එළිදක්වා ඇත.

දරුවන් වැරදි මාවත්වලට යොමු වීම වැළැක්වීමට දෙමාපියන් සහ පාසල අතර සමීප සහයෝගීතාවයක් ගොඩනැගීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ රූම් ටු රීඩ්‘ (Room to Read) ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වෙනසක් සිදුවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply