අද (16) පස්වරුවේ සිට රාත්‍රී 11:00 දක්වා ක්‍රියාත්මක වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
අවදානම් කලාප:පළාත්: බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව.
දිස්ත්‍රික්ක: ගාල්ල, මාතර සහ කුරුණෑගල.
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බැවින්, විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

