කර්මාන්ත අමාත්‍යාංශ නමින් සිදු කරන මහා වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස බුද්ධි ආරක්ෂක අංශ දැනුම් දීමක් සිදු කර තිබේ.
ව්‍යාජ ලිපි – ව්‍යාජ ලේකම් අත්සන් – ලක්ෂ ගණන් මුදල් ඉල්ලමින් මෙම ජාවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නාමයෙන් මහජනතාව හා ව්‍යවසායකයන් ඉලක්ක කරගත් සංවිධානාත්මක මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු මේ අනුව අනාවරණය වී තිබේ.
අමාත්‍යාංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින්, “මහාචාර්ය K.T.M. උදයංග හේමපාල ” නමින් ලේකම්වරයා ලෙස පෙනී සිටින පුද්ගලයෙකුගේ ව්‍යාජ අත්සනක් සමඟ ලිපි යොමු කරමින් මුදල් ඉල්ලා ඇති බව හෙළිව තිබේ.
එම ලිපි මඟින්, දිවයිනට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් සිසුන් 150 දෙනෙකු සඳහා රුපියල් 3,000 බැගින් පාසල් උපකරණ ලබාදීමට යැයි සඳහන් කරමින් මුදල් එකතු කිරීම සිදුකර ඇතැයි අනාවරණය වේ.
තවද අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ලෙස පෙනී සිටමින් දුරකථන ඇමතුම් ලබා දී කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත බලපෑම් කර ඇති බව ද වාර්තා වේ.
වංචාව සඳහා කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංකයක් (8016615386) ලබා දී මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති අතර, මෙම ක්‍රියාවට අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු සම්බන්ධ නොවන බව රජය දැඩිව අවධාරණය කර සිටියේ ය.
එවැනි කිසිදු ආධාර වැඩසටහනක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක නොකරන බවත්, එබැවින් කිසිදු පුද්ගලයෙකු වෙත හෝ එම ගිණුම් අංකයට මුදල් ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් විශේෂයෙන් කර්මාන්ත හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
මෙම වංචාව සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කර ඇති බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

