ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන නගර සඳහා කාලගුණ තත්ත්වය (2026-03-03)
| නගරය | උෂ්ණත්වය (°C) (උපරිම / අවම) | කාලගුණය |
|---|---|---|
| අනුරාධපුරය | 33 / 21 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මඩකලපුව | 30 / 23 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| කොළඹ | 32 / 24 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| ගාල්ල | 30 / 25 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| යාපනය | 32 / 21 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මහනුවර | 33 / 16 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| නුවර එළිය | 21 / 8 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| රත්නපුරය | 35 / 21 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| ත්‍රිකුණාමලය | 30 / 22 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මන්නාරම | 32 / 22 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රට වටා ඇති මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ අනාවැකිය:
වැසි තත්ත්වය: රට වටා ඇති මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සුළඟ: රට වටා ඇති මුහුදු ප්‍රදේශවල විවිධ දිශාවලින් සුළං හමා යා හැකිය. සුළං වේගය පැයට කිලෝමීටර් 20-30 අතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුහුදේ තත්ත්වය: රට වටා ඇති මුහුදු ප්‍රදේශ සාමාන්‍ය රළ සහිතව දිස්වනු ඇත.
(මූලාශ්‍රය: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – 2026 මාර්තු 02 දින සවස 04.00 ට නිකුත් කරන ලදි )
—————————————————————–
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි හතරවන දින පියවර! 🎬🎙️ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” සාර්ථකව පිය නගන හතරවන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
📅 දිනය: 2026 මාර්තු 06 (සිකුරාදා)
👨🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග
🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා සමග
📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා
⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
0703750478 | 0703750538 | 0783930551 _______________
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

