පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වල 2026.03.01 දිනට අදාළ ප්‍රගති වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.

 

 

මෙම මෙහෙයුම් දිවයින පුරා සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි සිදුකරන අතර, ඒ යටතේ සිදුකරන ලද පරීක්ෂණ සහ අත්අඩංගුවට ගැනීම් පහත පරිදි වේ:

 

 

කාණ්ඩය සංඛ්‍යාව
පරීක්ෂා කළ පුද්ගලයින් ගණන 30,166
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 602
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 17
දින වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 216
විවෘත වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 174
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 246
අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 44
රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 3,558

මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

—————————————————————–

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි හතරවන දින පියවර! 🎬🎙️ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” සාර්ථකව පිය නගන හතරවන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!

📅 දිනය: 2026 මාර්තු 06 (සිකුරාදා)

👨‍🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග

🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා සමග

📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා

⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා

📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/

0703750478 | 0703750538 | 0783930551 _______________


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply