රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නො කිරීම නිසා රටේ ඖෂධ අවශ්‍යතාවයට හා ඉල්ලුමට සරිලන අන්දමට නිෂ්පාදන ලබා නොදීම, ගෙන්වන ලද ඇතැම් රසායනික අමුද්‍රව්‍ය නිසි පරිදි ප්‍රමිති ගත තත්ත්වයේ නො දැරීම සහ කල් ඉකුත් කුත් වීම නිසා බරපතල ආ ර් ථි ක හානියක් සිදු ව ඇති බව 2024/2025 වසරට අදාළව ජාතික විගණන කා ර් යාල ය මගින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
Flucloxacillin ,Clopidrogel, Penicillin, Tramadol, Metformin, Roauvastatin, Chloroquine, Paracetamol, Ciprofloxacillin, ඇතුළු වෙළඳ පොලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉහළ ඉල්ලුමක් පවතින ඖෂධ නිසි කාල වේලාව තුළ දී අපේක්ෂිත ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කොට වෙළඳ පොළට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමට නො හැකි වීම නිසා මෙම බරපතළ ආ ර් ථි ක හානිය සිදු වී ඇති බව එම වා ර් තා ව පෙන්වා දෙයි.
වසරේ නිෂ්පාදනය කර තිබූ ඇතැම් ඖෂධවල පෙති කුඩා කොටස් වලට කැඩී යාමේ හැකියාව ඉහළ යාම ඖෂධ පෙතිවල බරෙහි ඇතිවූ විචල්‍යතා, අයහපත් පෙනුම ආදි හේතුන් මත අවස්ථා දාහතරක (14) දී නිෂ්පාදනය අතරමග නවතා අතිරේක පිරිවැයක් දරා නැවත නිෂ්පාදනය ආරම්භ කර තිබූ බව ද එහි සඳහන් වේ.
එසේම ඇතැම් සමාගම් සමග බද්ධ ව්‍යාපාර ආරම්භ කොට එමඟින් නිෂ්පාදන අයිතම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ලබා දීමට සැලසුම් සකස් කොට තිබුණ ද සමාලෝචිත වසර තුළ කිසිදු ඖෂධයක් සපයා නො තිබුණු බව ද විගණකාධිපති වාර්තා වේ සඳහන් වේ.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙම අකා ර් ය ක්ෂමතාව නිසා රජයට බරපතළ ආ ර් ථි ක හානියක් සිදු වන අතර පෞද්ගලික සමාගම්වලට ආ ර් ථික ලාභයක් සිදු වන ආකාරයේ දූෂණ සහ වංචා සිදුවීම සඳහා ක්‍රියා මා ර් ග විවර වන බැවින් මෙම සම්පූ ර් න විගණන වා ර් තා ව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

