2024/2025 වසරට අදාළව ජාතික විගණන කා ර් යාල ය මගින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නොකිරීම නිසා රටේ ඖෂධ අවශ්‍යතාවයට හා ඉල්ලුමට සරිලන අන්දමට නිෂ්පාදන ලබා නොදීම, ගෙන්වන ලද ඇතැම් රසායනික අමුද්‍රව්‍ය නිසි පරිදි ප්‍රමිති ගත තත්ත්වයේ නොදැරීම සහ කල් ඉකුත් කුත් වීම නිසා බරපතල ආ ර් ථි ක හානියක් සිදු ව ඇති බව සඳහන් වෙයි.
Flucloxacillin ,Clopidrogel, Penicillin, Tramadol, Metformin, Roauvastatin, Chloroquine, Paracetamol,Ciprofloxacillin, ඇතුළු වෙළඳ පොලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉහළ ඉල්ලුමක් පවතින ඖෂධ නිසි කාල වේලාව තුළදී අපේක්ෂිත ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කොට වෙළඳපොළට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමට නොහැකි වීම නිසා මෙම බරපතළ ආ ර් ථි ක හානිය සිදු වී ඇති බව එම වා ර් තා ව පෙන්වා දෙයි.
අදාළ සමා ලෝචන වාර් තාව අනුව වසරේ නිෂ්පාදන සැලැස්මට අනුව අයවැය ගත නිෂ්පාදන ඖෂධයක මිලියන 420 ක් වූ අතර සත්‍ය නිෂ්පාදනය ඖෂධ ඒකක මිලියන 3146 ක් වීමෙන් අහිතකර විචලනය ඖෂධ ඒකක මිලියන 87 ක් වී ඇත.
මෙය ඉකුත් වසර හා සැසඳීමේ දී ඖෂධ ඒකක මිලියන 381ක ඖෂධ නිෂ්පාදනය අඩු වීමකි.
තවද සමාලෝචිත වසරේ නිෂ්පාදනය කර තිබූ ඇතැම් ඖෂධවල පෙති කුඩා කොටස් වලට කැඩී යාමේ හැකියාව ඉහළ යාම ඖෂධ පෙතිවල බරෙහි ඇතිවූ විචල්‍යතා, අයහපත් පෙනුම හා ඖෂධ පිටි කැඩීමට ඇති අපහසුතාවෙන් හේතුන් මත අවස්ථා දාහතරක දී නිෂ්පාදනය අතරමග නවතා අතිරේක පිරිවැයක් දරා නැවත නිෂ්පාදනය ආරම්භ කර තිබූ බව ද එහි සඳහන් වේ.
එසේම ඇතැම් සමාගම් සමග බද්ධ ව්‍යාපාර ආරම්භ කොට එමඟින් නිෂ්පාදන අයිතම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ලබාදීමට සැලසුම් සකස් කොට තිබුණ ද සමාලෝචිත වසර තුළ කිසිදු ඖෂධයක් සපයන්න තිබුණු බව ද විගණකාධිපති වා ර් තා වේ සඳහන් වේ.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙම අකා ර් ය ක්ෂමතාව නිසා රජයට බරපතළ ආ ර් ථි ක හානියක් සිදු වන අතර පෞද්ගලික සමාගම්වලට ආ ර් ථික ලාභයක් සිදු වන ආකාරයේ දූෂණ සහ වංචා සිදුවීම සඳහා ක්‍රියා මා ර් ග විවර වන බැවින් මෙම සම්පූ ර් න විගණන වා ර් තා ව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටියි.

