වල්ලට AI තාක්ෂණය එල්ලන්නට ආණ්ඩුව ගස්වලට නගී!

කෘත්‍රිම බුද්ධියෙන් පොල් වගාව සරු කිරීමට රජය නව වැඩසටහනක් ආරම්භ කරයි!

ශ්‍රී ලංකාවේ පළමු වරට පොල් වගාවේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගැනීම ආරම්භ කර තිබේ. මෙම වැඩ සටහනට ක්‍රියාත්මක කරන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) මගිනි.

මෙම නව වැඩසටහන දඹදෙණිය ආඩිගම ගොවිපලේ දී ඊයේ (30) දින ආරම්භ කරනු ලැබුවේ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසිනි.

අමාත්‍යවරයා පැවසුවේ, ඩ්‍රෝන තාක්ෂණය සහ කෘතිම බුද්ධිය සමඟ එකට යොදා ගනිමින් පොල් වතු පරීක්ෂා කිරීම, ගස්වල නීරෝගීභාවය හඳුනා ගැනීම, පොහොර යෙදිය යුතු ආකාරය තීරණය කිරීම හා අවශ්‍ය ප්‍රතිකාර සැලසීම මේ මගින් සිදු කිරීමට නියමිත බවය.

එමඟින් කෘෂි ක්ෂේත්‍රයේ ඵලදායිතාවය නව තාක්ෂණික මට්ටමකට පත් කිරීමේ අපේක්ෂාවක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම වැඩසටහනට සමගාමීව NLDB විසින් පොල් ගස් 4,80,000 කට පොහොර යෙදීමේ වැඩසටහනක් සහ පොල් පැල 50 000ක් සිටුවීමේ වැඩ සටහනක් ද  ක්‍රියාත්මක කළ බවත් මෙය ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය නව තාක්ෂණික යුගයකට ගෙන යාමට හැකි වනු ඇති බව ද ඒ මහතා කීය.

Share.
Leave A Reply