ලංකාවේ සියලු ම රෝහල් කටයුතු අද සිට අඩපන වන බවත් එහි වගකීම වග වීම භාරගත යුත්තේ අමාත්‍යංශ බලධාරීන් බවත් රට පුරා කිසිදු වෛද්‍යවරයෙකු එහි වගකීම භාර නොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද (30) සිට රට පුරා නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික තීන්දු නිසා රෝගී සත්කාර සේවාව බිඳ වැටීමේ හා ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් අඩපණ වීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ ය.
එම සංගම ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් කර තිබේ.
වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් තම උපරිම ධාරිතාවෙන් සේවය කරන අවස්ථාවක දී පවා, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා වැරදි තීන්දු නිසා රෝහල් පද්ධතිය පුරා දැවෙන ගැටලු මතුව ඇති බව ය.
ඒ අනුව ඖෂධ හිඟය, රෝහල් උපකරණ හිඟය, වෛද්‍යවරුන්ගේ නේවාසික හා ප්‍රවාහන ගැටලු, දරුවන් පාසල් ඇතුලත් කිරීමේ අපහසුතා, ආරක්ෂාව සහ සේවා ස්ථානමාරු සම්බන්ධ ගැටලු ආදී විවිධ අර් බුද රෝහල් තුළ දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව, වැටුප් යාවත්කාලීන කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් ගැටලු, සහ අත්තනෝමතික ස්ථාන මාරු තීන්දු යන ගැටලු සම්බන්ධයෙන් සංගමය විසින් විශාල යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කර තිබූ නමුත් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය විසින් එය නොසලකා හැර ඇති බව ද නිවේදනයේ සඳහන් ය.
වෛද්‍ය සුගතදාස මහතා එම නිවේදනයේ දි සඳහන් කර සිටියේ රෝහල්වලට අදාළව නිසි පුහුණුව ලත් අනුප්‍රාප්තිකයින් නොමැතිව වෛද්‍යවරුන් ස්ථානමාරු කිරීම, රෝගී සත්කාර සේවාව බිඳ වැටීමේ හේතුවක් බවත්, එමගින් අසරණ රෝගී ජනතාවට අගතියක් සිදු වන බවත් අසරණ රෝගින් තවත් අසරණ වන බවත්ය.
ඊයේ (29) පැවති සංගම මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගත් තීන්දු පිළිබඳව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික ස්ථාන මාරු තීරණය වහා අත්හිටුවා, රෝගී සත්කාර සේවාවට හානි නොවන පරිදි නව ක්‍රමවේදයක් ගත යුතු බවත්, මෙම ස්ථානමාරු ක්‍රියාවලිය අද (2025 ඔක්තෝබර් 30) ක්‍රියාත්මක වූ විට සිදු වන සේවා බිඳවැටීම් සඳහා වගකීම අමාත්‍යංශ බලධාරීන්ට වග කිව යුතු බවද එහි සඳහන් කර තිබේ.
එම තීරණ ක්‍රියාත්මක වුව හොත් 2025 ඔක්තෝබර් 31 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද මෙහිදි තින්දු තරණ ගත් බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
අමාත්‍යාංශය මෙම ක්‍රියා මා ර් ග හරහා නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමක් අරමුණු කරගෙන ක්‍රියා කරන බවට සැකයක් පවතින බවත්, එමගින් ලාභාත්මක අරමුණු ඇති පිරිසක් පසුපස සිටින බවට ද බව ය.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අප නිරතුරුවම කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

