දේශීය ලොකු ලුණු ගොවියා වළපල්ලට යවන සතොසේ මඤ්ඤං නිර්ණායක හරහා සිදු කරන්නට තොත්ත බබා සහෝදර ආණ්ඩුව කටයුතු කරන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.
කාලයක් පොල් ගෙඩියේ වටය මනින එක සම්බන්ධයෙන් කතා කළ විරුද්ධ වු අය මෙන්න අද රටේ පාලන බලයට ඇවිත් ලුණු ගෙඩිය ලුණුවල්ල මනින්න යෑම විහිළුවක් බවත් ඒ මහතා කිය.
ලුණු ගෙඩිය මනින නිර්නායක රටට හදුන්වා දුන් පළමු පිරිස ලෙස මේ සහෝදර ආණ්ඩුව ඉතිහාස ගත වෙනවා. මේක මහ විහිළුවක්. බොරුවක් රැවටීමක් ජනතාව අන්ඳවලා කොමිස් කුට්ටි ගන්න සිදු කරන ලුණු මගඩියක් ලෙසයි අපි මෙය කල්පනා කරන්නේ.
සහෝදර තොත්ත බබා ආණ්ඩුව දැන හෝ නොදෙන හෝ දේශිය බී ලුණු ගොවියා නැත්තට ම තැනි කර වළපල්ලට දමා විදෙස් ආනයන කරුවන් දිරිමත් කරමින් කොමිස් ගහන වු ගමනකට හුටපටයට සම්බන්ධව වගකිවයුතු පිරිස් කටයුතු කරන බව ද ඒ මහතා කීය.
මේ නිසා ලංකාවේ ලුණු ගොවියන් විනාශ වන අතර පාකිස්ථානය , ඉන්දියාව ආදි රටවල ගොවියන් දිරිමත් කරන්නට මේ ආණ්ඩුව කටයුතු කරමින් ජනතාව ඉදිරියේ සුදු ලුණු පොඩි කරන බව ද ඒ මහතා පැවසීය.
දැන් වෙළෙඳ පොලේ ලොකු ලුණු කිලෝවක් රුපියල් 140 සිට 160 දක්වා තත්ත්වයක් දැකිය හැකියි.
ලංකාවේ වසරකට ලුණු අවශ්‍යතාවය මෙට්‍රක් ටොන් 2 80 000 පමණ වෙනවා.
වසර ගණනාවකට පෙර දේශිය ලුණු අවශ්‍යතාවය පිරිමසා ගත්තේ දේශිය ගොවිතැන මගින් නමුත්, මේ රට පාලනය කළ පාලකයන් වාගේ ම දැන් රට පාලනය කරන පාලකයන් ද වෙනස්කර නැති කර ලුණු ගොවියා පොඩි කර දමා තිබෙනවා.
දේශිය අවශ්‍යතාවය සම්පුරණයෙන්ම වාගේ සකස්කර දෙන්නට ආනයනය මත පදනම් ව කටයුතු සිදු කරන්න මේ ආණ්ඩුව ද පියවර ගෙන තියනවා.
ලුණු ගෙඩිය ලුණු වල්ල මනින්න කියලා ආණ්ඩුව මේ ලුණු ගොවියාට පහසුකම් දුන්නා ද? නැ. ප්‍රමිතියෙන් උසස් ලුණු බීජ දුන්නා ද ? නෑ. නිසි පරිදි පොහොර හෝ ගැළපෙන පරිදි තාක්ෂණික හෝ සේවා පහසුකම් ලබා දුන්නා ද? නෑ. බීජ වල ගුණාත්මක භාවිය ගැන සොයා බැලුවා ද? නෑ.
ඒ වගේ ම දෙශගුණ කාලගුණ තත්ත්වයන් පස් හා වගා බිමි වෙනත් කරුණු ගැන සොයනවා ද පහසුකම් දුන්නා ද? නෑ. එහෙම පහසුකම් ගොවියාට දෙන්නේ නැතුව ලුණු වල්ල (වල්ල යනු අසභ්‍ය වචනයක් නොවේ) ලුණු ගෙඩිය මනින්නට නිර්නායක ගෙන එන්නට ආණ්ඩුව කටයුතු කර තියනවා.
අද වන විට රටට අවශ්‍ය ලුණු වලින් සියයට 95 ක්ම ආනනනය කරනවා. මේ නිසා රටේ ලුණු ගොවියන් අසරණ වෙලා.
දඹුල්ල, ගලේවෙල, කැකිරාව, ගලෙන්බිදුණු වැව, සීගිරිය, අනුරාධපුරය වැනි ප්‍රදේශවල ගොවීහු දැඩි ලෙස අසරණ කරන්නට සැලසුම් සහගත මේ ආණ්ඩුව පියවර ගෙන තියෙනවා.
මේ ආණ්ඩුව සිදු කරන්නේ ලුණු නිර්නායක ගොංපාට් එකයි මංඥ්ඥං එකක් බව ද පෙන්වා දිය හැකියි.
මේ ලොකු ලුණු මැණීමේ පාට් එක හරහා සිදු කරන්නේ වෙනම ම ආකාරයට ලුණු ආනයනය කරන ව්‍යාපාරිකයන් සතුටුකර කොමිස් ගහන්න ද කියා අපට සැකයක් තියනවා.
මේ නිර්නායක ආනයනික ලුණුවලට සිදු කරන්නේ නෑ. මේක මාර ලුණු කාතාවක්. ඒ නිසා ලුණු සඳහා යොදාවා ඇති නිර්නායකයන් ප්‍රායෝගික නෑ. මේවා මහ පොළවේ ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ ලුණු සඳහා යොදවා ඇති නිර්නායක ක්‍රියාත්මක කරන්න නො හැකි යි.
අපි පාලකයන්ට කියා සිටින්නේ රටේ ලොකු ලුණු ගොවියා ආරක්ෂා කරන්න රටේ ගොවිකම ආරක්ෂා කරන්න යැයි ද ඒ මහතා කීය.

