මිලියන 1000 ඉක්ම වු ග්ලූකෝස් පටි හා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කිසිදු ප්‍රයෝ ජනයකට ගෙන නොමැති බව නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මිලියන 1000 ඉක්ම වු ග්ලූකෝස් පටි හා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කිසිදු ප්‍රයෝ ජනයකට ගෙන නොමැති බව නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
රුපියල් මිලියන 1200ක බරපතළ මුදල් අවභාවිතාවක් සිදු ව ඇති බවත් මේ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස වෛද්‍ය චමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
(27) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා එසේ කීය.
ලෝක බැංකුවේ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිල දී ගෙන තිබූ Blood Glucose strips සහ Atracurium injection, Nitroglycerin sublingual tablets යන අයිතම මිල දී ගෙන වෛද්‍ය සැපයුම් අංශ ගබඩා තුළ කල් ඉකුත් වූ තිබූ බවත් මේවා රෝහල්වලට බෙදා නො දීමට කටයුතු කර තිබූ බවත් නවතම විගණන වාර්තාවක් මගින් තහවුරු වී ඇත.
කල් ඉකුත් වූ Glucose strips වල වටිනාකම රුපියල් මිලියන 219 කට ආසන්න බවත් 2023 වසරේ දී වෛද්‍ය සැපයුම් ඒකකය අංක පනස් හතර තොග ගබඩා වෙත ලද මෙම රුධිරගත සීනි මට්ටම මැණ වැලීමේ දර්ශක 2015 ජනවාරි තිස් එක වන විටත් රෝහල්වලට බෙදා නොදී කල් ඉකුත් වෙමින් පැවැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
එම විගණන වාර්තාවට අනුව නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය මත මෙම ආර්ථික අවාසිය සිදුව ඇති බව දත්ත සටහනේ සඳහන් වේ.
වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මෙම දර්ශක පවතිද්දී රෝහල් බලධාරීන් විසින් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 59ක සහ 2023 වසරේ දී රුපියල් මිලියන 52 ක් වටිනා ග්ලුකෝස් දර්ශක ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස වැඩි මිලට මිල ද ගෙන ඇති බව ද විගණන වාර්තාව සඳහන් වේ.
එසේම රුධිරගත ග්ලූකෝස් මට්ටම මැන බැලීම සඳහා නොමිලේ ලබාගත හැකි Glucometer මැන බැලීමේ උපකරණ, Lancet කටුද ඇමෙරිකානු ඩොලර් 87 680 ක් වැය කොට මිල දී ගෙන ඇති බව විගණන දත්ත පෙන්වා දෙයි.
මෙම කාල සීමාවේ දී ම වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 6 ගබඩාව වෙත මිල දී ගන්නා ලද රුපියල් මිලියන 38 ක් අධික වටිනාකමකින් යුත් Atracurium injection තොගයක්ද නිසි පරිදි ශීත දාම භාවිතා නො කිරීම නිසා කල් ඉකුත් වී ඇති බව නිරීක්ෂණය වී ඇත. එසේම රුපියල් මිලියන 71ක් වටිනා Nitroglycerine tablet ඖෂධ තොග ද වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කල් ඉකුත් වී ඇති බව විගණනය පෙන්වා දෙන අතර ඉහත කල් ඉකුත් වූ උපකරණ සහ ඖෂධ වලට අමතරව තවත් රුපියල් මිලියන නවසීයක් වටිනා වෛද්‍ය සැපයුම් අයිතම 892 ක් 2024 දෙසැම්බර් 31 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කල් ඉකුත්ව ඇති බව මෙම නවතම විගණන වාර්තාව පෙන්වා දෙයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතික්‍රියක වංචාව, සංස්ථාවේ රුපියල් මිලියන නවසීයක මුදල් අවභාවිතාව, සහ තත්වෙන් බාලා ඖෂධ හා කල්ලිකුත් වූ ඖෂධ මිල දී ගැනීම සහ ගබඩා කිරීම නිසා මේ අන්දමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, කෙහෙලි රඹුක්වැල්ල පාලන කාලෙ දී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිනිලි කරන නමුත් ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීම දැඩි ලෙස ප්‍රමාද වන බවත්, විගණනය මගින්ම පෙන්වා දෙන පරිදි දූෂිත නිලධාරීන්ට එරෙහිව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නො ගැනීම කනගාටුවට කරුණක් බව අප කළ විමසුමක දී වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

