අනුරාධපුර පදනම් වූ පෞද්ගලික GPS සමාගමක නිලධාරියෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා එම සමාගමක Group GPS Monitoring Manager ලෙස සේවය කරමින්, කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතකට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරගෙන රජයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ගේ නිල කාර්යයන්ට බලපෑම් කිරීමට උත්සාහ කළ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔක්තෝබර් 22 වැනි දින පස්වරු 7.21ට පමණ අනුරාධපුර අරලිය මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (24) අනුරාධපුර මැජිස්ට්‍රේට් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සභාව ප්‍රකාශ කරයි.

කොමිෂන් සභාව මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ඔවුන්ගේ නම සහ හැඳුනුම්පත් ව්‍යාජ ලෙස භාවිතා කර වංචාකාරී ක්‍රියාකරන පුද්ගලයන් පිළිබඳව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා දීමට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

Share.
Leave A Reply