දේශීය සහල් ප්‍රමාණවත් වෙලාවේ ආනයනය මරු පහරක් — අනුරාධ තෙන්නකෝන්!

සහල් ආනයනයෙන් ගොවියෝ විනාශය වෙත — ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් !

අතිරික්ත වී 4.45 ලක්ෂ — එහෙත් ආනයනය ඇරඹෙයි!

“අපේ සහල් තිබ්බත් ආනයනයක් කරන එක නියම වංචාවක්” — ගොවි නායකයෙක් චෝදනා කරයි!

උනුත් එකයි මුනුත් එකයි කියපු මෙවුනුත් එකයි දැන් යැයි ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසිය.‍

ඊයේ  ( 22 ) පිටකෝට්ටේ ගොවි ගෙදර මූලස්ථානයේ පැවති සහල් ආනයනය හා එහි මිල ගණන් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ජාවේදී ඒ මහතා එසේ පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

2024/ 25:හා 25 යල් කන්නයේ මෙරට ලබාගත් අස්වැන්න ප්‍රමාණවත්ව තිබිය දී සහල් ආනයනය මෙරට ලොකු පොඩි හැම සහල් නිෂ්පාදකයින්ට මරු පහරක් බවත් සම්බා ,නාඩු , රතු නාඩු , සහල් නිෂ්පාදනය වාර්ෂික  ජාතික සහල් අවශ්‍යතාවයට වඩා වැඩි වී සංචිත ඇති බව ද ඒ මහතා කීය.

මෙවර වසරේ දි ජාතික සහල් අවශ්‍යතාවය මෙ.ටො:  2375000 ක් බවත් ඒ සඳහා වූ වී ප්‍රමාණය වී මෙ.ටො. 3800000 ක් බවත් 24/25 හා 25 යල් කන්නයේ වී අස්වැන්නේ එකතුව මෙ.ටො 4450000ක් බවත් එවිට අතිරික්තයක් ලෙස වී මෙ.ටො . 450000 ක ඉතිරිව ඇති බව ඒ මහතා කීය.

කීරී සම්බා වී හිඟයක් පවතින බව සැබෑ වුවත් අනෙකුත් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ඒ පිළිබඳව පැහැදිලි කරන්නට  අර ආණ්ඩුවේ හා ජනපති අනුර ප්‍රින්ස් දිසානායක තෙමේගේ ගජමිතුරු ඩඩ්ලිගේ කටේ මනි පිට්ටු ද කියා ඇසු අතරම අවසාන වශයෙන් සභාපති අනුරාධ තෙන්නකොන් පවසා සිටියේ ය.

අනුර ප්‍රින්ස් දිසානායක ජනපති තොමෝ, ඔය ජනපති කොම හතරවෙනි වීදියේ සහල්  වෙලෙන්දොන්ටම දෙමුද අප්පා  යැයි ඒ මහතා ගීතයකින් කතාව අවසන් කළේ ය.

Share.
Leave A Reply