උපාය මාර්ගික මැතිවරණ මෙහෙයුම් හා සම්බන්ධිකරණය පිළිබදව මැතිවරණ රාජකාරියේ නියුතුවන්නන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත්විණී . ඒ අනුරාධපුර වයිට් හවුස් හොටලයේ දි ය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය යන මහත්වරුන් මෙහි ප්‍රධානත්වය දැරී ය. .
දිවයින පුරා පවත්වන මෙම වැඩ සටහ‌නේ 17 වන වැඩසටහනයි , මෙලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී සිදුකළේ . මැතිවරණ වල දී කමිටුභාර තේරිම්භාර නිලධාරින් ලෙස කටයුතු කළ නිලධාරින් පිරිසක් මේ සදහා සහභාගි වූහ . උගත් පාඩම් ඇසුරින් ඉදිරි මැතිවරණයක දි ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබදව අදහස් යෝජනා ලබා ගැනිම හා පසුගිය මැතිවරණ සමයේ සිදු වු විශේෂ කරුණු මෙහි දි සාකච්ජා විය. සැලසුම් සකස්කිරිම, ක්‍රියාත්මක විම අදි කරුණු ද සාකච්ජාවට ලක් විය.
මැතිවරණ කොමිසන් සභාව මගින් සංවිධන කල මෙම වැඩසටහන සදහා මුල්‍ය අනුග්‍රහය IFES ආයතනය විසින් දරා ඇත.
මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) සමන්ත ජයසංහ, අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එන්.පී.පී.අයි.ආර්. ගුණරත්න, IFES ආයතනයේ ශ්‍රි ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේපාල මහතා ඇතුලු කමිටුභාර තේරිම්භාර නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply