කෑමට ගන්නා වූ දිය ලුණු මිල අඩු කිරීමට ලුණු නිෂ්පාදක සමාගම් ආයතන 18 ක් සමඟ කළ සාකච්ඡා සාර් ථ ක වූ බව පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.කර් මා න්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ලුණු නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත් වූහ.වෙළඳ පොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය මගින් සිදුකරන ලද මිල සමීක්ෂණයන්ට අනුව පසුගිය කාලසීමාව තුළ විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර් මාන් තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කළහ.රජයේ සහ ප්‍රමුඛ පෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන දහ අටක් සමග සිදු කළ මෙම සාකච්ඡාවේ දී දැනට පවතින වෙළදපොල තත්ත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට තින්දු තීරණ ගත්හ.ඉදිරියේ දී දේශිය නිෂ්පාදනය වන ලුණු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මා ර් තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් විශ්වාසය පල කල අතර එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පැවතිය යුතු බවට අධිකාරිය සිදුකරණ ලද ඉල්ලීමට ඔවුන් එකගතාවය පල කළ බවද පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසීය.

Share.
Leave A Reply