“සීනි තවරපු කේක් එකක් වගේ බොරු තොගයක්!” – තෙල් මාෆියාව වසා ගන්න ආනන්දපාලිතව සිරගත කර ඇති බවද ඔහු කීය.

වත්මන් රජයේ තෙවැනි අයවැය ලේඛනය සහ වෘත්තීය සමිති නායක ආනන්දපාලිත මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම පිළිබඳව සමගි ජන බලවේගය අද (17) දැඩි අනාවරණයක් සිදු කළේය.

හෙතෙම මෙසේද කීය.

රජය ඉදිරිපත් කර ඇති 3 වැනි අයවැය යනු කිසිදු ආර්ථික හෝ ආයෝජන සැලසුමක් නැති, උඩින් සුන්දර කතා පෙන්වන “සීනි ටිකක් තවරපු කේක් කෑල්ලක්” වැනි දේශපාලන බොරු තොගයක් පමණි.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ මීට පෙර ඩොලර් 1.5ක් වූ ඉන්ධන ප්‍රීමියම් අගය අද වන විට ඩොලර් 44ක් දක්වා ඉහළ නංවා ඇති බවට චෝදනා කළේය.

තෙල් මාෆියාව සහ නැව් ආපසු හැරවීම් පිළිබඳ සියලු තොරතුරු හෙළි කළ නිසා අතිකාල දීමනා පිළිබඳ අසත්‍ය චෝදනාවක් මත ආනන්දපාලිත මහතා රිමාන්ඩ් කර ඇත.

භාණ්ඩ හා සේවා බදු (GST/VAT) මගින්: රුපියල් බිලියන 164ක්, ආදායම් බදු මගින්  රුපියල් බිලියන 123.9ක් බදු අය කර ගන්නා බවද හෙතෙම කීය.

ගොවියා අඬද්දී කෝටිපතියන්ට තේ පැන් සිංග්‍රහයක් දී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

වී ගොවීන් අස්වැන්න විකුණාගත නොහැකිව පාරේ අඬද්දී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කෝටිපතියන් සමඟ තේ පැන් සංග්‍රහ පවත්වන බවට දැඩි විවේචනයක් ද ඔහු කළේ ය.

Share.
Leave A Reply