කෝටි ගණන් වැය කර ගෙනා පිළිකා විකිරණ යන්ත්‍ර කාමර තුළ වසා දමා අහිංසක රෝගීන් මරණයට පත් කරන්නේ ඇයි? දැයි දැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
වසර ගණනාවක් ප්‍රමාද වූ පිළිකා රෝගීන්ගේ ජීවිත බේරාගන්නා ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) විකිරණ යන්ත්‍ර 5ක් ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් මිලදී ගනු ලැබුවා. නමුත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? ඔහු අසයි.
එක් යන්ත්‍රයක් සඳහා රුපියල් මිලියන 600කට වඩා වැඩියි. සම්පූර්ණ ඒකකයක් සඳහා එක් රෝහලකට රුපියල් මිලියන 1,000කට (කෝටි 100කට) වඩා වැය වෙනවා.
ලැබුණු රෝහල්: බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට රෝහල්වලට මේ වන විට යන්ත්‍ර 3ක් ලැබී අවසන්. (ඉතිරි යන්ත්‍ර 2 කුරුණෑගල සහ අනුරාධපුර රෝහල්වලට).
බදුල්ල මහ රෝහල: යන්ත්‍රය ස්ථාපනය අවසන් කර මාස 6ක් ගතවී ඇත!
හම්බන්තොට මහ රෝහල: යන්ත්‍රය ස්ථාපනය අවසන් කර මාස 1ක් ගතවී ඇත!
රත්නපුර ශික්ෂණ රෝහල: කාමර සකස් කිරීමේ ප්‍රමාදය නිසා 2 වන අදියර තවමත් ප්‍රමාදයි.
ප්‍රතිකාර නවතා ඇත්තේ ඇයි?
යන්ත්‍ර සම්පූර්ණයෙන්ම ස්ථාපනය කර තිබුණත්, මාත්‍රා මාන උපකරණ (Dosimetry Equipment) නොමැති බව පවසමින් එක්තරා වෘත්තික කණ්ඩායමක් ප්‍රතිකාර ආරම්භ කිරීමට ඉඩ නොදී සිටිනවා.
මීට පෙර රෝහල්වල කළාක් මෙන් මහරගම අපේක්ෂා රෝහලෙන් අදාළ උපකරණ තාවකාලිකව ලබාගෙන ප්‍රතිකාර ආරම්භ කරන ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවා උපදෙස් දී තිබියදී, එම කණ්ඩායම තවමත් ඊට හරස් වී සිටිනවා.
වන්දි ගෙවන්නේ අසරණ පිළිකා රෝගීන්:
මෙම රෝහල්වල ප්‍රතිකාර පමා වීම නිසා රෝගීන්ට මහරගම සහ මහනුවර රෝහල්වල මාස ගණනාවක පොරොත්තු ලේඛනවල දුක් විඳීමට සිදුවෙලා.
රජයේ රෝහල්වල ප්‍රමාදය නිසා පෞද්ගලික රෝහල් වෙත යන රෝගියෙකුට විකිරණ ප්‍රතිකාරයක් සඳහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා අධික මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා! යැයි ද ඔහු කීය. කෝටි ගණන් මහජන මුදලින් ගෙනා යන්ත්‍ර දූවිලි වදිමින් කාමර තුළ වසා දමා තිබියදී, පිළිකා රෝගීන්ට අකාලයේ මිය යන්නට ඉඩ දිය හැකිද? වහාම මේ පිළිබඳව මැදිහත් වී බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල විකිරණ ප්‍රතිකාර කටයුතු වහාම ආරම්භ කරන්න! යැයි ද රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

