රට පාලනය කළ පාලකයන්ගේ හැකියාව තවමත් ලංකාව දියුණු වෙමින් පවතින රටක්…අපි පාසලේ දි විශ්ව විද්‍යාලයේදි අසපු කතාව අදටත් …වෙනස් වී නැත….  

දශක අටක ගමනේ මුදල් බලය දැරූවෝ 21යි!

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට: රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන සමඟ හෙට පාර්ලිමේන්තුවට….

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් නිරීක්ෂණය කරන ලදී.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

‘දිට්වා‘ ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර සහ බාහිර ප්‍රබල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද, නිසි කළමනාකරණය සහ ඉහළ මූල්‍ය විනයක් පවත්වා ගැනීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව ඇති බව මෙහිදී අනාවරණය විය.

අයවැයේ ප්‍රධාන දත්ත සහ ඉලක්ක ප්‍රාග්ධන ප්‍රතිපාදනය: රුපියල් බිලියන 2,000 කි.

ප්‍රධාන අරමුණ: ආර්ථිකය ස්ථාවර කිරීමේ සීමාවෙන් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රසාරණය (Economic Expansion) සහ පරිවර්තනීය සංවර්ධනය (Transformative Development) සාක්ෂාත් කර ගැනීම.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම 2027 අයවැය ලේඛනය හෙට (නොවැම්බර් 12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

1947දී ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය සම්ප්‍රදාය 2027 මුදල් වර්ෂය සඳහා වන අයවැයත් සමග 81 වැනි සංධිස්ථානය සපުރයි.

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කථාව) 2026 නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාලසටහන් සකස් කර ඇත. මෙම 81 වැනි ඓතිහාසික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ වත්මන් ජනාධිපති මෙන්ම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසිනි.

දශක අටක මේ දීර්ඝ ආර්ථික ගමනේදී එන්. එම්. පෙරේරා, රොනී ද මෙල්, ජී. එල්. පීරිස්, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු මුදල් අමාත්‍යවරුන් 21 දෙනෙකු පමණක් අයවැය ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව යටතේ ඉදිරිපත් කෙරෙන 3 වැනි අයවැය මෙය වන අතර, 2025 සහ 2026 අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාම මෙයද ඉදිරිපත් කරන බැවින් 22 වැනි මුදල් ඇමතිවරයකු බිහි වන්නේ නැත.

අයවැය ලේඛනය යනු හුදෙක් ආදායම්-වියදම් ලේඛනයක් පමණක් නොව, පරම්පරා ගණනාවක දේශපාලන හා ආර්ථික ගමන්මග තීන්දු කළ ජාතික සැලැස්මයි.

Share.
Leave A Reply