මීට වසර ගණනාවකට පෙර ගත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට මේ වන තෙක් නොහැකි වී ඇති නමුත් වත්මන් ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද සංගමයේ උප සභාපති වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේය.
සංචාරකයින් ගණනාවකින් ලැබෙන විදේශ විනිමය එක් විදේශීය රෝගී සංචාරකයෙකුට ප්‍රතිකාර කිරීමෙන් උපයා ගත හැකි වනු ඇති බවද හෙතෙම පැවසුවේය.
එන්නත්කරණය අතින් මෙන්ම සෞඛ්‍ය දර්ශක අතින් ලෝකයේ ඉහළම තැනක සිටින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට නිරන්තරයෙන්ම ලක්ව ඇති රටක් බවත් විදේශීය පුහුණුවලත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්, මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ලක් වූ රෝහල් පවා අප රටතුළ ස්ථාපිත කර ඇති බව වෛද්‍ය හේරත් මහතා පැවසුවේය.
දණහිස් බද්ධයක් සඳහා ඇමරිකාවේ කෝටි එකහමාරක මුදලක් වැය වුවද එම සැත්කම ලංකාව තුළ එම ප්රමිතිකරණයෙන්ම කර ගැනීමට වැය වන්නේ ලක්ෂ 12ක වැනි ඉතා අඩු මුදලක් බවත් පෙන්වා දෙන හේරත් මහතා අනෙකුත් සැත්කම් සඳහාද වැය වන්නේ මෙවැනි අඩු මුදලක් බවද සඳහන් කළේය.
විදේශීය රෝගියෙකුට ප්‍රතිකාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විට කොළඹ වෛද්‍ය පීඨය තුළ කණ්ඩායම් තුනක් පුහුණු කර අවසන් බව ද පැවසේ.

