වසර 15ක අඛණ්ඩ පරීක්ෂණ සාර්ථකයි: මෙරටින් කුරුළු උණ රෝගකාරක මෙතෙක් හමුවී නැත.

විදේශීය පක්ෂීන් සහ ගොවිපළ නිරන්තර පරීක්ෂාවට: පැය 24 පුරා ක්‍රියාත්මක ආවේක්ෂණ පද්ධතියකින් රටට පූර්ණ ආරක්ෂාවක්.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උදිත බණ්ඩාර මහතා පවසන පරිදි, ශ්‍රී ලංකාව කුරුළු උණ නොමැති රටක් ලෙස ලෝක සෞඛ්‍ය සත්ත්ව සංවිධානය විසින් පිළිගෙන ඇත.

වසර 15ක් පුරා සිදුකළ දැඩි පරීක්ෂණවලට අනුව මෙරටට කුරුළු උණ බෝකරන බැක්ටීරියා ඇතුළු වී ඇති බවට කිසිදු සාක්ෂියක් හමුවී නැත. විදේශයන්ගෙන් ගෙන එන පක්ෂීන්, කුකුල් මස් නියැදි මෙන්ම දිවයිනේ නිරෝධායන මධ්‍යස්ථාන හරහා සංචාරක පක්ෂීන්ගේ අසූචි පවා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරේ. එපමණක් නොව, සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව පවතින පැය 24 පුරා ක්‍රියාත්මක ආවේක්ෂණ පද්ධතිය නිසා රෝගකාරක බැක්ටීරියා මෙරටට ඇතුළුවීමේ සියලු මාර්ග සම්පූර්ණයෙන්ම අහුරා ඇතැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply