රවී වෛද්‍යාලංකාරට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ‘පුරවැසි බලයෙන්’ අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්!

ක්‍රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා විසින් එම විමර්ශන යට ගසා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

“අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත විශේෂ පැමිණිල්ලක් කරමින් මේ බව අනාවරණ් කර ඇත.  

බන්ධනාගාරගත කිරීම් සහ මතු වූ ගැටලුමෙම ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව මේ වන විට අල්ලස් කොමිෂම මගින් පරීක්ෂණ අරඹා ඇති අතර, එහි සැකකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය බන්ධනාගාරගත කරනු ලැබ ඇත.  

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණ ද, පසුව FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතා අල්ලස් ලබාගෙන මෙම පරීක්ෂණ යට ගසා ඇති බවට සමාජයේ දැඩි කතාබහක් මෙන්ම බරපතළ චෝදනා එල්ල විය.  

FCID ලිපියෙන් හෙළි වූ තොරතුරුඑය සනාථ කළ හැකි ප්‍රධාන සාක්ෂියක් ලෙස, 2016.07.12 දිනැතිව FCID/01711301/2016 (FCID/CONF/01/2016) දරන ලිපිය පෙන්වා දිය හැක.

“Krrish Transworks Colombo (Pvt) Ltd” ආයතනයේ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වන්නේ, එම සමාගම සමඟ නීත්‍යානුකූල ව්‍යාපාරවල නිරත වන සැමට දන්වා සිටින බවත්, එරෙහිව තවදුරටත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බවත්ය. එපමණක් නොව මේ දක්වා සිදු කළ විමර්ශනවල දී ක්‍රිෂ් සමාගම කිසිදු වරදක් හෝ වංචනික ක්‍රියාවක් සිදු කර ඇති බවට අනාවරණය වී නැති බව ද එහි දැක්වේ.  

‘පුරවැසි බලයෙන්’ කෙරෙන ප්‍රධාන ඉල්ලීම”අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතාගේ අත්සනින් යුතුව අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මඟින් තර්ක කර සිටින්නේ, එසේ කිසිදු වරදක් සිදුවී නැතැයි එවකට FCID ප්‍රධානියා ප්‍රකාශ කළේ නම්, අද වන විට නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිෂම සිදු කරන පරීක්ෂණ හුදෙක් පලිගැනීමේ චේතනාවෙන් සිදු වන්නක්ද, නැතහොත් රවී වෛද්‍යාලංකාර මහතා අල්ලස් ලබාගෙන මූල්‍ය වංචා යට ගැසීමක් සිදු කළේද යන්න ගැටළුවක් බවයි.  

එබැවින්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර, ඔහු අල්ලස් ලබාගැනීමට සහ දූෂණ ක්‍රියාවලියට සම්බන්ධ නම් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන ලෙස එම සංවිධානය අල්ලස් කොමිෂමෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply