වර්තමානයේ බුදු සසුනට එල්ල වී ඇති තර්ජන මෙන්ම, උතුරු – නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර පූජා නගරයේ පෞරාණික බෞද්ධ උරුමයන්ට සිදුවන අසාධාරණයන් හා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව ජාතියේ අවධානය යොමු කරවමින් විශාල අධිෂ්ඨාන පූජාවක් සහ ආශිර්වාද පිංකමක් සංවිධානය කර ඇත. ජාතියේ සහ බෞද්ධ උරුමයේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා “සිසු සෙවණ” සංවිධානය විසින් මෙය සංවිධානය කරනු ලබයි.
@ දිනය: 2026 ඔක්තෝබර් 20 ( අද)
@@@වේලාව: සවස 4.30 ට
ස්ථානය: කැළණිය, කිත් සිරිමෙවන් රජ මහා විහාරස්ථානය දිවයිනේ නන් දෙසින් වැඩම කරවන මහා සංඝරත්නය සහ විශාල බැතිමතුන් පිරිසක් මේ සඳහා එක්වීමට නියමිත අතර, මෙම වැදගත් ජාතික සහ ආගමික මෙහෙවර සජීවීව ජනතාව අතරට ගෙන යාමට සියලු මාධ්ය ආයතනවලට සහ මාධ්යවේදීන්ට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

