අද ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී ඇඳගෙන නාගෙන මාධ්‍ය ඉදිරියේ නෝණ්ඩි වී උත්තර නොදී මාධ්‍ය හමුව අවසන් කළ සුපිරි කතාව මෙන්න

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගී වන්නේ හිටපු අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

හිටපු අමාත්‍ය, සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල  මෙසේ කීය. අද 16 කොළඹ දී කළ සම්පුරණ කතාව මෙන්න

තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා, පසුගියදා සමගි ජන බලවේගයේ කණ්ඩායමක් මල්වතු මහා නාහිමි හම්බවෙන්න ගියා. අපි ගියේ අවංක චේතනාවකින්, හොඳ හිතකින්. අපි ගිනි තියන්න ගියේ නැහැ. අපි ගියේ මේ ගින්න නිවන්න.  

අතිපූජ්‍ය ඥානසාර ස්වාමීන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනකොට, ඔහුගේ චීවරය බලධාරීන් ගලවලා අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා රටේ විශාල ප්‍රශ්නයක් ඇතිවුණා. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි, අනෙකුත් අයටත්, අනෙකුත් ආගම්වල අයටත් කම්පනයක් ඇතිවුණා.  

ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිසක් රාජ්‍ය නායකයා හමුවුණා. නීති විශාරදයො දෙපැත්තේ හිටියා. නමුත් රාජ්‍ය නායකයා කිව්වේ — වචනවලින්ම කියනවා නම් — “මම කැමති නැහැ නීතිය එසේ තිබියදී මෙහෙම කරන්න කියලා කියන්න. නීතිය එසේ තිබියදී මෙහෙම කරන්න කියලා නියෝගයක් මට දෙන්න බැහැ.” ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා බලාපොරොත්තු වෙච්ච සහනය ලැබුණේ නැහැ.  

ඉතින් සමගි ජන බලවේගයේ ඉන්න අපි කල්පනා කරලා බැලුවා මේකට මොකක්ද කරන්නේ කියලා. මම සමගි ජන බලවේගයේ අයට පෙන්වලා දුන්නා, විධායක ජනාධිපතිතුමාට බලය තියෙනවා විධානයක් දෙන්න. Presidential directive එකක් දෙන්න බලය තියෙනවා. ඉතින් අපිට කියන්න කෙනෙක් නැහැ. අපි හිතුවා අපි මල්වත්තේ මහා නායක ස්වාමීන් වහන්සේලාටයි, අස්ගිරි මහා නායක හිමිපාණන්ටයි මේ කරුණ දන්නවමු කියලා. ඒ අනුව අපි කණ්ඩායමක් ගිහිල්ලා මල්වත්තේ මහා නායක ස්වාමීන් වහන්සේ හමුවුණා. මම දාන්නම් වීඩියෝ එක…  

(වීඩියෝ පටයක් නරඹමින් / පෙන්වමින්)

මම කිව්වේ… මහා නාහිමි වහන්සේට මම කිව්වේ… විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ විශාල බලතල තියෙන තනතුරක්. පරණ කට්ටියට මතක ඇති JR ජයවර්ධන මහත්තයා කිව්වා පිරිමියෙක් ගෑනියෙක් කරන්න, ගෑනියෙක් පිරිමියෙක් කරන්න හැර අනිත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. මම මහා නාහිමිපාණන්ට කිව්වේ, නීතිය සකස් කරන තුරු… ඥානසාර ස්වාමීන් වහන්සේට සහනයක් දෙන්න අවශ්‍ය නීතිය සකස් කරන තුරු, විධානයක් දෙන්න බලතල ජනාධිපතිතුමාට තියෙනවා. මම ඒකයි කිව්වේ. විධානයක් දෙන්න — Presidential directive — ඒක ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. 6 වෙනි පරිච්ඡේදයේ, 7 වෙනි පරිච්ඡේදයේ, Article 33 එකේ සඳහන් වෙනවා.  

ඊටපස්සේ අපි ආවා. ඊටපස්සේ මොකද වුණේ? පහුවදාම අධිකරණ ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා… මම, අපේ කණ්ඩායම, මල්වත්තේ මහා නායකයන්ට කරුණු පෙන්වලා රාජ්‍ය නායකයාගෙන් ඉල්ලපු විධානය ගැන අධිකරණ ඇමතිතුමා කතා කරනවා. බලන්න අධිකරණ ඇමතිතුමා මොකක්ද කියන්නේ කියලා.  

(වීඩියෝ පටයේ හඬ පටය)

අධිකරණ ඇමති: “ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එලියට යම් කරුණකට වැඩම කරනවා නම්, එවන් අවස්ථාවකදී සිවුර පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා…”  

ලක්ෂ්මන් කිරිඇල්ල

ඔන්න මගේ කතාව. ඉතින් දැන් මම… අපේ කණ්ඩායම මහා නායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ, අපේ ඉල්ලීම අනුව කටයුතු කරන්න බලය තියෙනවා කියලා. එච්චරයි අපි කිව්වේ. ඉතින් ඒකම තමයි පහුවදා අධිකරණ ඇමතිතුමාත් කිව්වේ. දැන් මම කියන්නේ මුල් අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය නායකයා හමුවෙච්ච අවස්ථාවේදී මේ අධිකරණ ඇමතිතුමා ප්‍රමාද වෙලා දුන්න උත්තරේ දුන්නා නම් රජයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම රාජ්‍ය නායකයාට දොස් කියන්නේ නැහැ, මොකද රාජ්‍ය නායකයා එසේ කියනකොට නීති විශාරදයෝ දෙපැත්තෙන් වාඩිවෙලා හිටියා. ඒ අයවත් මේක පෙන්නුවේ නැහැ. නීති විශාරදයන්ගේ වගකීම තමයි බලතල පෙන්නන එක. ඒ අයවත් පෙන්නුවේ නැහැ.  

ඉතින් අපි ගියේ මහා නාහිමි හම්බවෙන්න, අපිට කියන්න කෙනෙක් නැහැ. මහා නාහිමි හරහා මේ පණිවිඩය රජයට යන්න. රජය ඒකට ඇහුම්කන් දුන්නා. ඒකයි පහුවදාම අපි කරපු ඉල්ලීම රජය කෙරුවේ.  

ඉතින් ඇත්ත වශයෙන්ම අපේ රට අවුරුදු 2300ක් බෞද්ධ රටක්. මේක බෞද්ධ රටක්, අවුරුදු 2300ක්. අපේ රට පාලනය කරපු යුරෝපීය ජාතීන් තුන — පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන්වත් ස්වාමීන් වහන්සේ නමකට මේ විදිහට සලකලා නැහැ. මේ විදිහට සලකලා නැහැ. අපි අහලා තියෙනවා කුඩාපොළ නායක හාමුදුරුවෝ ගැන, උඩරට ඉතිහාසයේ. එතකොට උඩරට ගිවිසුම අත්සන් කරනකොට 1815දී, බෞද්ධාගම ආරක්ෂා කරනවා කියලා තමයි ගිවිසුමේ තියෙන්නේ. බෞද්ධාගම, සිංහල නීතිය, සංස්කෘතිය, සම්ප්‍රදාය ආරක්ෂා කරනවා කියලා තමයි උඩරට ගිවිසුමේ තියෙන්නේ. වෙන ආගමක් ගැන සඳහන් නැහැ උඩරට ගිවිසුමේ, බෞද්ධාගම විතරයි, 1815දී. එතකොට බ්‍රිතාන්‍ය පාලකයින් පවා මේක පිළිගත්තා.  

දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ ප්‍රධානීන් ප්‍රසිද්ධියේ කියනවා අපේ රට බෞද්ධ රටක් නෙමෙයි කියලා. ප්‍රසිද්ධියේ කියනවානේ. පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා, ඡන්දෙට කලින් කියලා තියෙනවා. එතකොට මොකක්ද ඒකෙන් දෙන පණිවිඩය? මොකක්ද ඒකෙන් දෙන පණිවිඩය? පිළිමවලට වඳිනවා, ගස්වලට වඳිනවා… තමුන්නාන්සේලා හැමදෙනාම මට වඩා ඒ කාරණා හොඳට දන්නවා. මොකක්ද ඒකෙන් දෙන පණිවිඩය? බුද්ධ ධර්මය අපේ චාරිත්‍ර වාරිත්‍රත් පසෙකලා කටයුතු කරන්නේ. පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසෙම ජයමංගල ගීත, ජයමංගල ගාථා කීම අත්හැරියා, පළවෙනි දවසෙම.  

මේ රජය බෞද්ධාගමට නොසලකා හරිනවා කියන එක එක සිද්ධියකින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු දෙකක් අධ්‍යයනය කෙරුවා, විශේෂයෙන්ම ගරුතර ස්වාමීන් වහන්සේලා. අපිත් අධ්‍යයනය කෙරුවා, එක සිද්ධියක් නෙමෙයි, සිද්ධි ගණනාවක් සිද්ධ වුණා. මට පෞද්ගලිකව ස්වාමීන් වහන්සේලා කියපු දේ මෙතන කියන්න බැහැ. නමුත් අවුරුදු දෙකක් බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. අර පළවෙනි දවසේ ජයමංගල ගාථා ගායනා කිරීම අත්හැරීම ඉඳලා අවුරුදු දෙකේ සිද්ධීන් ගණනාවක් නිසා විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේත් බෞද්ධ ජනතාවගේත් හිත රිදිලා තියෙනවා. ඒක අපිට දැනෙනවා.  

ඉතින් අපි කතා කෙරුවේ මේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. එතකොට මම කිව්වා 1815 ගිවිසුමේ සඳහන් වුණේ බුද්ධ ශාසනය විතරයි. නමුත් ජනරජ ව්‍යවස්ථාව හදනකොට, සිංහල ආණ්ඩුවක් ජනරජ ව්‍යවස්ථාව හදනකොට බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර අනෙකුත් ආගම්වලටත් ඒ ආකාරයෙන් සලකන්න ඕන කියලා වගන්තියක් ඇතුළත් කෙරුවා. ඉතින් අපේ ආණ්ඩු ක්‍රියා කරලා තියෙන්නේ ඒ විදිහටමයි. ඉතින් මෙවැනි සිද්ධීන් වෙනකොට ඇත්ත වශයෙන්ම බෞද්ධයන් හැටියට ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි අපිටත් විශාල කම්පාවක් ඇතිවුණා.  

ඉතින් අපි ගියේ ගිනි තියන්න නෙමෙයි. සමහර මාධ්‍ය පෙන්නන්න හැදුවා අපි ගිනි තියන්න ගියා කියලා, එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි ගියේ ගින්න නිවන්න. මේ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ අද විශාල ප්‍රශ්නයක් කරගත්තේ ආණ්ඩුව, අපි නෙමෙයි. අපි ආණ්ඩුවට මාර්ගය පෙන්නන්නයි ගියේ. අපි පෙන්නපු මාර්ගය තමයි අන්තිමට අධිකරණ ඇමතිවරයා ක්‍රියා කෙරුවේ. ඉතින් ඇයි අපිට දොස් කියන්නේ? අපි හොඳ සාකච්ඡාවක් තිබ්බා විනාඩි 45ක් විතර, ඉතාම සුහද සාකච්ඡාවක් වුණා. අපි විහිළු තහළුත් කෙරුවා නායක ස්වාමීන් වහන්සේත් එක්ක යම් යම් දේවල් ගැන. ඉතින් මේ අපේ ගමනේ ධනාත්මක පැත්ත දිහා බලන්න.

ඕගොල්ලෝ මාධ්‍යවේදීන් හැටියට ඍණාත්මක පැත්ත දිහා බලන්න එපා. ධනාත්මක පැත්ත දිහා බලලා කතා කරන්න. අද මේ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ, ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ප්‍රථම අවස්ථාවේදී රාජ්‍ය නායකයා හම්බවෙච්ච වෙලාවේ දෙන්න තිබ්බ උත්තරේ දුන්නේ නැති නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. අපි දෙන්න ඕන උත්තරය මහා නායක ස්වාමීන් වහන්සේට පෙන්නලා දුන්නට පස්සේ තමයි රජය පිළිඅරගෙන පහුවදාම නීති හදනතුරු ස්වාමීන් වහන්සේලාට චීවරය දාගෙන අධිකරණයට එන්න සලස්වන්න ඕන කියන විධානය නිකුත් කෙරුවේ.  

ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. අපි අවංක චේතනාවෙන් වැඩ කෙරුවේ, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”. අපි අවංක චේතනාවෙන් අපි ගිය නිසා අද අපි කියපු දේ සත්‍ය වෙලා තියෙනවා. මොකද රජය කෙරුවේ අපි ඉල්ලපු දේ.   

ලක්ෂ්මන් කිරිඇල්ල … ප්‍රශ්නෝත්තර වාරය

මාධ්‍යවේදියා (සිරස):

හරි, දැන් ඔබතුමා කියන දේ, ඔය ත්‍රෛනිකායික මහා හාමුදුරුවරු ජනාධිපතිවරයා හම්බවෙච්ච වෙලාවේ ඔහු පොරොන්දු වෙනවා සති දෙකක් ඇතුළත කමිටුවක් පත්කරලා සති දෙකක් ඇතුළත මේකට පියවර ගන්නවා කියලා. ඊටපස්සේ තමයි අධිකරණ ඇමතිවරයා ඔය කමිටු උපදෙස් අනුව තමයි බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කරන්න තීරණය කරන්නේ, තීන්දුව දැනුම් දෙන්නේ. හැබැයි දැන් ඔබතුමා කියන එක නෙමෙයිනේ, ඔබතුමා එතන ගිහිල්ලත් කියනවා සති දෙකෙන් මේක කරන්න බැහැ, මේකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන, මත විමසන්න ඕන… එහෙම කතාවක්නේ.  

ලක්ෂ්මන් කිරිඇල්ල

නැහැ නැහැ, මම කිව්වේ අහගෙන හිටියානේ. මම කිව්වේ නීති සකස් කරනකම් — ඒක කොච්චර කාලයක් යයිද කියලා අපිට කියන්න බැහැනේ. නීති සකස් කරනකම් විධායක ජනාධිපතිතුමාට බලතල තියෙනවා විධානයක් කරන්න. ඒ විධානය කිරීම තමයි එදා අධිකරණ ඇමතිවරයා කෙරුවේ. දැන් අධිකරණ ඇමතිවරයා කතා කරනකොට නීති සකස් කරලා නැහැනේ. Presidential directive එකක්, ඒක විධානයක්. ඒක තමයි අපි මහා නායක ස්වාමීන් වහන්සේලාට කිව්වේ නීති සකස් කරනතුරු විධානයක් නිකුත් කරන්න කියලා අපි කිව්වේ.  

මාධ්‍යවේදියා (සිරස):

බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කිරීම විධායක බලතලයක්ද? නැත්නම් ඇමතිවරයාගේ ක්‍රියාවක්ද?  

ලක්ෂ්මන් කිරිඇල්ල

විධායක ජනාධිපති කියන්නේ සියල්ලටම වඩා ප්‍රධානයි, ඒක තේරුම් ගන්න. විධායක ජනාධිපති ඇමතිවරයාට යටත් නැහැ. විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 6 වෙනි 7 වෙනි පරිච්ඡේදය යටතේ, 33 වෙනි වගන්තිය යටතේ Presidential directives දෙන්න බලයක් තියෙනවා. වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවාද?  

මාධ්‍යවේදියා:

ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා, රන්ජිත් ජනාධිපතිතුමාට විධානයක් තියෙනවා කියලා කියනවානේ. ජනාධිපති සමාව ලබාදීම කියන කාරණාව ඉඩක් තියෙනවා. හැබැයි අතීතයේදී අපි බලනකොට මේ ජනාධිපතිවරු දීපු නියෝග තමයි ඔක්කොම නිප්‍රභා වෙලා තියෙන්නේ, නැවත අධිකරණයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ දීපු නියෝග වැරදියි කියලා දුක් විඳින්නේ කවුද, හාමුදුරුවෝ. ඉතින් එහෙම බලපුවාම කොහොමද ජනාධිපතිට නියෝගයක් දෙන්න පැය 24න් පැය 48න් බැහැනේ, යම් කාලයක් අවශ්‍ය වෙනවානේ. ඒකේ පූර්ව අවස්ථාවක් විදිහට නෙමෙයිද අර කමිටුවක් පත්කරලා කමිටු වාර්තාවක් ජනාධිපති ලේකම් අතට ගන්නේ?  

ලක්ෂ්මන් කිරිඇල්ල

මම කිව්වේ ජනාධිපතිතුමාට බලය තියෙනවා නීති සකස් කරනතුරු විධානයක් දෙන්න භික්ෂූන් වහන්සේලා අධිකරණයට ඉදිරිපත් කරනකොට චීවරයත් එක්ක ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි අධිකරණ ඇමතිතුමා එදා කිව්වේ. දැන් නීති වෙනස් කරලාද? දැන් නීති වෙනස් කරන්නේ නැතුව අධිකරණ ඇමතිතුමා ඒ ප්‍රකාශය කෙරුවේ කොහොමද? ඒ බලතල තියෙන නිසා. මම උත්තර දෙන්නේ අපේ මිත්‍රයාට. අපේ සිරස මිත්‍රයා අපේ යාළුවානේ. ඒ කාලේ අපිට… මම එකක් කියන්නම්, මම 89 පාර්ලිමේන්තුවට එනකොට හැමදාම අහගෙන ආවේ සිරස. සිරස FM එක. ඒ කාලේ පටන් ගත්තේ. අලුත් ගීත රටාවක් ඉදිරිපත් කරපු නිසා මම ආසාවෙන් අහගෙන ආවා. නිතර කියපු දෙයක් තමයි “සිරසයි පාර කියන්නේ” කියලා. මම ආදරයෙන් කියන්නේ වැරදි පාරේ යන්නේ නැතුව හරි පාරේ යන්න. මේ පුවත්පත් සාකච්ඡාවල හාස්‍යයක් තියෙන්න ඕන, නැත්නම් මේක හරි dull. වෙන ප්‍රශ්න තියෙනවාද?  

අවසාන වශයෙන් කියනවා, දැන් අධිකරණ ඇමතිතුමා භික්ෂූන් වහන්සේ කෙනෙකුට චීවරයත් එක්ක අධිකරණයට එන්න පුළුවන් කිව්වේ නීති වෙනස් කරලා නෙමෙයිනේ. ඒක තමයි විධානය කියන්නේ, ජනාධිපති විධානය කියන්නේ.  

මාධ්‍යවේදියා:

නැහැ, මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන නිසා මේ ප්‍රශ්නය අහන්න ඕන… ඔබතුමා සිංහල, දෙමළ ජනතාවගේ ඡන්ද පදනමෙන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. ඔබතුමාගෙන් ප්‍රශ්නය අහන්නේ ජනතාව වෙනුවෙන්. ජනාධිපතිතුමාගේ නියෝගය අනුව ඥානසාර හාමුදුරුවන්ට සමාව දෙන්න බැරිද?  

ලක්ෂ්මන් කිරිඇල්ල …

බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ජනාධිපති සමාව තියෙන්නේ මොකටද? ඔබතුමාලා දන්නවා මහාධිකරණයෙන් වැරදිකාරයා වෙනවා, හයිකෝට් යනවා, ඇපීල් කෝට් යනවා, සුප්‍රීම් කෝට් යනවා. සුප්‍රීම් කෝට් එකෙන් එහාට යන්න පුළුවන්ද? බැහැනේ. දැන් මෙයා සුප්‍රීම් කෝට් එකේ වැරදිකාරයා වුණායින් පස්සේ, සාක්ෂියක් එනවා මෙයා නිර්දෝෂී කියලා. ඒ සාක්ෂිය ඇත්ත කියලා පොලීසියයි CID එකයි සනාථ කෙරුවොත්, ජනාධිපතිතුමාට බලය තියෙනවා ඒ සාක්ෂිය පාවිච්චි කරලා අධිකරණයත් සම්බන්ධ කරගෙන සමාව දෙන්න. ජනාධිපති සමාව කියන්නේ ඒකටයි. මොකද අධිකරණවලින් වැරදි තීන්දු දෙනවා. ඒකටනේ ඇපීල් කෝට් තියෙන්නේ. වැරදි තීන්දු ගණනාවක් දෙනවා අධිකරණය. ඒව වෙනස් කරන්න තමයි හයිකෝට්, ඇපීල් කෝට්, සුප්‍රීම් කෝට් තියෙන්නේ.  

එතකොට ඥානසාර හාමුදුරුවන්ට මම විශේෂයෙන් කියන්න ඕන, මොකද යහපාලන කාලයේ තමයි එතුමාට සමාව දුන්නේ. ඇයි දුන්නේ? යහපාලන ආණ්ඩුවට කලින් ගොඩක් කලින් ඥානසාර හාමුදුරුවෝ මේ අන්තවාදය ගැන හැමතැනම කෑගැහුවා, කරුණු ඉදිරිපත් කෙරුවා. ඒක ඇත්තනේ. කවුරුත් පිළිගත්තේ නැහැ. මොකද වුණේ? පාස්කු ප්‍රහාරය ආවා. පාස්කු ප්‍රහාරය ආවාම යහපාලන ආණ්ඩුවට තේරුණා ඥානසාර හාමුදුරුවෝ කිව්වේ ඇත්ත, අන්තවාදය ගැන එතුමා අවුරුදු ගණනාවක් කතා කෙරුවා, කිසිම ආණ්ඩුවකින් ගණන් ගත්තේ නැහැ, ඒකට සමාව දුන්නා. ඒකයි හේතුව. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සාකච්ඡා කරලා ඒ වැරැද්ද නිවැරදි කෙරුවා. අනිත් එක දැන් අලුත් තත්ත්වයක් උදාවෙලා තියෙනවා, හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා කියනවා මේක වැරදි තීන්දුවක් කියලා. එතුමා බොහොම ස්වාධීන අග්‍රවිනිශ්චයකාරවරයෙක්. එතුමා කියනවා මේක වැරදි තීන්දුවක් කියලා. ඉතින් මම රජයට කියන්නේ, හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා කියපු දේ සැලකිල්ලට භාජනය කරලා සමාව දෙන්න පුළුවන්.  

මාධ්‍යවේදියා:

දැන් ඔබතුමා ප්‍රෙස් එක පටන් ගනිද්දීම කිව්වා, මේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවපු සිද්ධියට මේ රටේ අන්‍යාගමිකයෝ පවා කණගාටු වුණා කියලා. හැබැයි ඔබතුමා මහානායක හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියන්නේ වෙන කතාවක්. ඔබතුමා කියනවා — ඒක ඔබතුමාගේ අදහස තමයි — ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවනකොට මේ රටේ සුළු ජාතීන් සතුටු වෙනවා කියලා. පදනම අඩු වෙනකොට බෞද්ධ ශාසනයට කොනිත්තලා සුළු ජාතීන්ගේ හිත දිනාගන්න තමයි මේ වැඩේ කරන්නේ…  

ලක්ෂ්මන් කිරිඇල්ල ….

මම සුළු ජාතීන් විවේචනය කරලා තියෙනවාද? නැහැ. මම විවේචනය කෙරුවේ රජයේ ප්‍රතිපත්තිය. මම විවේචනය කෙරුවේ Government policy එක, රජයේ ප්‍රතිපත්තිය. දැන් මම රජයේ ප්‍රතිපත්තිය විවේචනය කරනකොට කාටහරි රිදෙනවා නම්, ඒ කියන්නේ එයා ආණ්ඩුවත් එක්ක ඉන්නේ. මම විවේචනය කෙරුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කරනකොට කාටහරි රිදෙනවා නම් ඒකෙන් පේන්නේ එයා ඉන්නේ ආණ්ඩුවත් එක්ක.  

(මාධ්‍යවේදීන් එකවර ප්‍රශ්න අසයි) ( සභාවේ ගාල ගෝට්ටියක් ) හිටපු මන්ත්‍රී මාධ්‍යවේදිනගේ ප්‍රශ්නවලින් පැන යයි…

ලක්ෂ්මන් කිරිඇල්ල

මම සුළු ජාතීන් විවේචනය කරලා නැහැ. මම විවේචනය කරලා තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිය, එච්චරයි.  

ඉංග්‍රීසි මාධ්‍යවේදිනිය:

Also opposition leader’s statements saying that this has brought up a threat to national security… He has said that what is being created today is a threat to national security and that different groups, whether based on ethnicity or religion, are engaging in different arguments against one another, and that the unity in the country is being questioned… What do you have to say about that?

ලක්ෂ්මන් කිරිඇල්ල

Where are you from, my dear? From where are you?

ඉංග්‍රීසි මාධ්‍යවේදිනිය:

ලක්ෂ්මන් කිරිඇල්ල

I must tell you, when you come for news conferences, you must identify yourself first. If you look at the American system, even when the President comes to answer questions, the journalists identify themselves.

ඉංග්‍රීසි මාධ්‍යවේදිනිය:

I am representing a news organization, I am from Newsfirst. How about you answer to this question?

ලක්ෂ්මන් කිරිඇල්ල

You must ask that from our party leader about his statement. You are asking me about what your own leader has said. You have a verbal diarrhea! You are talking, talking, talking, you are not allowing me to answer. How can I answer what Sajith Premadasa said? If the opposition leader says so, you must ask him, not me.

මේ වගේ සරල දෙයක්වත් දන්නේ නැති අයනේ. විපක්ෂ නායකතුමා කරපු ප්‍රකාශයක් ගැන මගෙන් අහනවා. 

Share.
Leave A Reply