කුසලතා සතු ශ්‍රමික බුද්ධිමතුන් සියයට 77 ක් රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනාවරණය කරයි.
මෙහි ආර්ථික විද්‍යාත්මක ගැටලුව වන්නේ “ආවස්ථික පිරිවැය”යි. විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් පමණක් නොව, ඔවුන් රටේ රැඳී සිටියේ නම් නිර්මාණය කළ හැකි වූ නිෂ්පාදනය, බදු ආදායම, නවෝත්පාදන, අපනයන සහ රැකියා ද රටේ අහිමිවන අවස්ථාවන් ලෙස සැලකිය යුතුය.
2025 දී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 311,223ක් පිටත්ව ගොස් ඇති අතර, එයින් සියයට 76.2 ක් කුසලතා සතු ශ්‍රමිකයන් බවත් එය ආසන්න වශයෙන් 2 37,000කට වැඩි පිරිසක් බව ද දත්ත සටහනේ දැක්වේ.
2024 දී විදේශගත වූ 314,670 කින් සියයට 77.7 ක් කුසලතා සතු ශ්‍රමිකයන් වූ අතර, එම සංඛ්‍යාව ආසන්න වශයෙන් 244,500කි.
එහෙත් ප්‍රේෂණ ආදායම වේගයෙන් ඉහළ යයි. 2025 දී ඩොලර් මිලියන 8,076 ක් ලැබී ඇති අතර, 2024 දී එය ඩොලර් මිලියන 6,575කි. 2022 දී ඩොලර් මිලියන 3,789 ක් වූ ප්‍රේෂණ 2023 දී 5,970ක් දක්වාත්, 2024 දී 6,575ක් දක්වාත් ඉහළ ගියේය.
2026 ජනවාරි–අගෝස්තු කාලයේ ප්‍රේෂණය ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ එම කාලයට වඩා 19.8%ක වැඩිවීමකි. අගෝස්තු මාසයේ පමණක් ඩොලර් මිලියන 749ක් ලැබී තිබේ.
මේ අතර 2026 එම කාලයේ වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.2ක් දක්වා පුළුල් වී ඇති අතර, 2025 ජනවාරි–අගෝස්තු හිඟය ඩොලර් බිලියන 4.3කි.

පාර්ලිමේන්තුවේ 40ක් 88/89 භීෂණ සමයේ සිවුරට මුවා වූ අයයි!
බන්ධනාගාර 550 නියෝග කඩමින් හිමිනමකගේ සිවුර ගලවලා

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනා අතුරින් 40 කට වැඩි පිරිසක් 88/89 භීෂණ සමයේදී සිවුරට මුවා වී බේරුණු අය බව පාර්ලිමේන්තුමන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
එසේම, බන්ධනාගාර නීති පද්ධතියේ 550 වන නිත්‍ය නියෝගය යටතේ සිරකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ ඔහුට සුදුසු ඇඳුමෙන් වුවද, අදාළ හිමිනමකගේ සිවුර අයින් කර සුදු ඇඳුමක් අන්දවා අධිකරණයට පැමිණවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය (බුද්ධ ශාසනය සුරැකීමේ වගන්තිය) බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව ඔහු කීය.
අල්ලස් කොමිසම මගින් ජානකී සිරිවර්ධන ඇතුළු පිරිසගෙන් තර්ජනාත්මකව ප්‍රකාශ ලබාගැනීමට උත්සාහ කරන බවටද, 22 වන සංශෝධනය සහ 2025 දී ගෙන ආ යෝජනා මගින් මෙරට බෞද්ධ සංස්කෘතියට හානි පමුණුවන බවට ඔහු කීය.

රටට ම මහා ව්‍යවසනයන් පිරිම් බාග රටම බාල කරයි!
බාග පිරිමි කතාව මෙන්න!
ලෝකයටම ලංකාවෙන් පිරිමි බාග! මෙන්න සතියේ ගවේෂනාත්මක පුවත!
ලංකාවේ ප්‍රථම වරට ‘පිරිමි බාග’ පාසල් තුළින් බිහිවීමේ බරපතල සමාජ ව්‍යසනයක්!

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් රට තුළ ‘පිරිමි බාග’ සංස්කෘතියක් බිහිවීමේ දරුණු ව්‍යසනයකට රට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් ජේෂ්ඨ කථිකාචාර්ය එස්.එම්. ප්‍රියන්ත බණ්ඩාර අනාවරණය කරයි. (0702552498)
පාසල් පද්ධතිය තුළ පිරිමි දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමය පිරිමි ගුරුවරුන් සතුව පවතින අතර මෙම ක්‍රියාවලිය ගුරුවරියන් සිදු කිරීමේදී නියමිත පරිදි සිදු නොවීම තුළ පිරිමි බාග පාසල් සමාජයක් රටට උරුම වීමට බලපා ඇති බව ද ඔහු කීය‍.
රටේ පාසල් 10,047 කට අධික ප්‍රමාණය සියයට 78 සිට සියයට 80ක පිරිසක් ගුරුවරියන් ඉගැන්වීමේ ක්‍රියාවලිය නිසා මෙය තවත් දරුණු වී ඇති බව ද ඔහු කීය.
සමහර පාසල්වල පිරිමි ගුරුවරුන් කිසිවෙක් නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ නිසා ගුරුවරු ගුරුසේවයට බදවා ගැනීමේදී සියයට 40ක් පිරිමි ද සියයට 60ක් කාන්තා ලෙස බඳවා ගන්ට කටයුතු නොකළ හොත් මේ තත්ත්වය දරුණු විය හැකි බව ද හෙතෙම කීය.
2025 පාසල් සංගණනයට අනුව රජයේ පාසල්වල සමස්ත ගුරුවරුන් 242,309 අතුරින් සියයට 78.8 ක්ම (180,975ක්) කාන්තාවන් වන අතර පිරිමි ගුරුවරුන් සිටින්නේ සියයට 21.2 ක් (55,413ක්) වැනි ඉතා අඩු ප්‍රතිශතයකි.
විශ්ව විද්‍යාලවලට තේරීපත්වන පිරිසෙන් සියයට 90 ක්ම ගැහැණු ළමයින් බවට පත්ව ඇති බවත් මේයට විසදුම් කඩිනම්ව ලබා නොදුන හොත් තවත් වසර 10 ගත වන තැන පිරිමි ළමයි පාසල් හැර යෑමට ඉඩ ඇති බව ද ඔහු කීය .
මෙම අර්බුදයට විසඳුම් ලෙස නව ගුරු බඳවා ගැනීම්වල දී පිරිමි ගුරු නියෝජනයක් තහවුරු කළ යුතු බවත්, දැනට පවතින 43,273ක ගුරු පුරප්පාඩු පියවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙම පිරිමි බාග අවදානමට වහා විසඳුම් දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
බැඳුම්කරවලින් ඩොලර් මිලියන 400ක් ඉතිරි කර ගැනීමේ හැකියාවක්!
රාජ්‍ය ණය ප්‍රතිශතය 93% දක්වා පහළට – හර්ෂ ද සිල්වාගෙන් සංඛ්‍යාත්මක අනාවරණයක්!

ලංකාවේ සාර්ව සම්බන්ධිත බැඳුම්කර (Macro-linked Bonds) නැවත මිලදී ගැනීමේ (Buyback) පූර්ව ක්‍රියාකාරී වැඩපිළිවෙළකට යාමෙන් ඉදිරි වසර 10 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ත් 400 ත් අතර දැවැන්ත මුදලක් රටට ඉතිරි කරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
2022-2024 කාලයේ ගත් නිවැරදි තීරණ නිසා 2025 අග වන විට සියයට 98 ක්ව පැවති රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) අනුපාතය සියයට 93 දක්වා පහත වැටෙන බව හෙළි කළ මන්ත්‍රීවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුරෝකථනයන්ටත් වඩා ඉක්මනින් මෙම අඩුවීම සිදුවීමට ප්‍රාග්ධන වියදම් නොකිරීම සහ වාහන ආනයන බදු ආදායම් බලපෑ බව පෙන්වා දුන්නේය.
ෆිච් (Fitch) ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-‘ දක්වා ඉහළ දැමුවද, එයින් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට සෘජුව ප්‍රවේශ විය නොහැකි බවත්, ද්විපාර්ශ්වික ණය සහනාධාර ලැබීම තවමත් මන්දගාමී බවත් ඔහු සඳහන් කළේය.
එසේම ADB වෙතින් ලබාගත් ඩොලර් මිලියන 57.4 ක ණය මුදල සහ වහල මත සූර්ය පැනල (Roof-top Solar) පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අතර පවතින නොගැලපීම විවේචනය කළ මන්ත්‍රීවරයා, ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට පරස්පර විරෝධී ප්‍රකාශවලින් මිදී ස්ථාවර ප්‍රතිපත්තියක සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply