පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ, රාජ්‍ය වාර්තාවල අතුරුදන් වූවන් 55,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණද, ඒ කිසිවකට යුක්තිය ඉටුවී නැති අතර දැනට සක්‍රියව පවතින එකම නඩුව ලලිත්-කුගන් නඩුව වන බවයි.

යුද්ධයෙන් පසු ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවැති යාපනය අධි ආරක්ෂිත කලාපයේදී අතුරුදන් කෙරුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන සහෝදරවරුන් පිළිබඳ නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 29) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට මාර්ගගත ක්‍රමයට (Online) සාක්ෂි ලබා දීමට පෙනී සිටියේය.

වසර 16කට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන මෙම අතුරුදන්වීම් සිදුවීමට අදාළව සත්‍යය හෙළිදරව් කරන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ නිහඬ උද්ඝෝෂණයක් අද පෙරවරු 10.00ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.

දත්ත සහ සංඛ්‍යාලේඛනවලින් හෙළිවන නඩුවේ පූර්ණ පසුබිම දත්ත / සංඛ්‍යාව අදාළ සිදුවීම සහ කාල රාමුව අතුරුදන්වී වසර 16ක් 2010 දෙසැම්බර් 10 දින යාපනය අධි ආරක්ෂිත කලාපයේදී ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කෙරිණි.වසර 15කට පෙර ප්‍රකාශය සිද්ධියෙන් සතියකට පසු එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඔවුන් අත්අඩංගුවේ පසුවන බව පැවසීය.

වසර 7.5ක අධිකරණ මගහැරීම කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සාක්ෂියට අනුව 2019 අප්‍රේල් මස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට නියෝග කළද, ඔහු වසර හතහමාරක් අධිකරණය මග හැරියේය.

අතුරුදන් වූන්වූවන් 25,000 ක් රාජපක්ෂ ආණ්ඩුවම පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් වාර්තාවට අනුව ලියාපදිංචි වී ඇති අතුරුදන් වූවන් සංඛ්‍යාවවකි.

අතුරුදන්වූවන් 30,000 ක් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) මගින් නිල වශයෙන් වාර්තා කර ඇති බලහත්කාරයෙන් අතුරුදන් කළ සංඛ්‍යාව.”කි.

නෛතික ක්‍රියාමාර්ග පවතින එකම නඩුව”මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ, රාජ්‍ය වාර්තාවල අතුරුදන් වූවන් 55,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණද, ඒ කිසිවකට යුක්තිය ඉටුවී නැති අතර දැනට සක්‍රියව පවතින එකම නඩුව ලලිත්-කුගන් නඩුව වන බවයි.

අනාගතයේදී මෙරට කිසිදු පුරවැසියෙකු බලහත්කාරයෙන් අතුරුදන් නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම සහ වගකිවයුත්තන්ට දඬුවම් දීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව අරගල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply