අමාත්‍ය මණ්ඩල විශේෂ තීරණ (29)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන වෙනසක්:

6 ශ්‍රේණිය 2027 දක්වා කල් යයි!

1 ශ්‍රේණියට පමණක් නව විෂය මාලාව 2026 දී ක්‍රියාත්මකයිඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා පමණක් නව විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්, 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂය දක්වා කල් තැබීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. නව සංකල්ප පත්‍රිකා සහ ජාතික විෂය මාලා රාමුව සමාලෝචනය කරමින් මෙම පියවර ගෙන තිබේ.  

@@@ ජනතාවට තවත් ඉන්ධන සහනයක්: ඔටෝ සහ කාර්මික ඩීසල් මිල පාලනයට රුපියල් බිලියන ගණනක් වෙන් කෙරේ!

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම ජනතාවට දැනීමට ඉඩ නොදී, ඉදිරි මාස 03ක කාලය සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් විකුණුම් මිල මත සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ඔක්තෝබර් මාසයට බිලියන 15ක්, නොවැම්බර් මාසයට බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසයට බිලියන 12.15ක මුදලක් වෙන් කිරීමට අනුමැතිය හිමි වී ඇත.  

@@@@ කටුනායක ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

ඊ-පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව සහ ගුවන් මගීන්ගේ ක්‍රමික වර්ධනය සැලකිල්ලට ගනිමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. මෙරටට පැමිණෙන සහ පිටවන විදේශිකයන්ටද මෙම පහසුකම ඉදිරියේදී භාවිත කළ හැකි වනු ඇත. 

@@@@ කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා බේස්ලයින් මාර්ගය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුවක්!

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ III වන අදියර යටතේ, කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක කොටස මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 2.89ක කොන්ත්‍රාත්තුවක් මාගා ඉංජිනේරින් ආයතනය වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.  

@@@@ නුවරඑළිය ග්‍රෙගරි වැව රැක ගැනීමට පුනරුත්ථාපන යාන්ත්‍රණයක්ග්‍රෙගරි වැව හා අවට ජල පෝෂක ප්‍රදේශවල ජලයේ ගුණාත්මක භාවය පිරිහීම පාලනය කරමින්, පාරිසරික අඛණ්ඩතාව තිරසරව පවත්වා ගෙන යාම සඳහා විශේෂ අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.  

@@@ ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්ත සංවර්ධනයට බ්‍රසීලයේ සහායශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන සහ උක් වගා ක්ෂේත්‍රයේ ධාරිතා වර්ධනය අරමුණු කරගනිමින් බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය සමඟ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව අනුමත විය.

Share.
Leave A Reply