22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – තුනෙන් දෙකත් අවශ්‍ය නෑ… ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට නිවේදනය කරයි!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත. අධිකරණ පද්ධති (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින්, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් එය සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කර තිබේ.

