කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) හදිසි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංචකය මගින් දිත්වා ආපදාවට පත් පළාත් 8 ක ගව නිවාස 878 ක් සහ එළු නිවාස 497 ක් ඉදිකිරීමේ සමාරම්භය 2026.09.19 දින පස්වරුවේ වාරියපොල අවුලේගමදී ආරම්භ විය.

 රු. මිලියන 1178.5 වැය කරමින් ලෝක බැංකු ආධාර යටතේ ව්‍යපෘ තිය ක්‍රියාත්මක වන අතර මේ යටතේ දිත්වා පූර්ණ හානියට පත් ගව ගාලක් සදහා එක් කිරි ගොවිමහතෙකුට රු. ලක්ශ 15ක මූල්‍යධාරයක් ලබා දෙයි.  තම ගව ගාල තාක්ෂණිකව ඉදි කර ගැනීමට අදාලව ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය මගින් හා පළාත් පශු සම්පත් දෙපාර් තමේතුව මගින් තාක්ෂණික උපදෙස් සැපයෙන් අතර පශු වෛද්‍ය කාර්යාල මගින් අදාළ ප්‍රදේශවල අධීක්ෂණ කටයුතු සිදු කෙරේ. ආපදාවෙන් බිඳවැටුණු ගොවි ජනතාවගේ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සහ ඉදිරි ආපදාවන්ට ඔරොත්තු දිය හැකි පරිදි ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම අවස්තාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කරුණාසාගර මහතා  ඇතුලු දේශපාලන අධිකාරියත්, අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) වෛද්‍ය සිසිර පියසිරි මහතා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය බී.එස්.එස් පෙරේරා මහතා ඇතුළු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් , ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ නිළධාරීන්, පශු වෛද්‍ය කාර්යාල නිළදාරීන් ඇතුලු රාජ්‍ය නිළදාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply