ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල-ඉංග්‍රීසි භාෂා පරිවර්තන දෝෂය හෙළිවීමත් සමඟ දැවැන්ත අර්බුදයක්!
මේ අනුව පළාත් සභා ක්‍රමය අවුල් වෙයි!
19 වන සංශෝධනයේ බරපතල පරස්පරතාවයක්!
නඩු තීන්දු හා දඬුවම් බලරහිත වීම!
ජනාධිපතිවරුන්ට හිඟ වැටුප් ! රනිල්ට හා මෛත්‍රිපාලට දෙන්න වෙයි !
වන්දි ගෙවීමේ බරපතල තත්ත්වයක්!
ජනපති අනුරගේ ජනපති ධූර කාලය වසර 6 යි!
පාර්ලිමේන්තු කාලය ද වසර 6 ක් වෙයි!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ පවතින බරපතල ඉංග්‍රීසි පරිවර්තන දෝෂය නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025.08.11 දින ජනාධිපති ලේකම්වරයා වෙත යවන ලද ලිපියත් සමඟ 2015 වසරේ සිට පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද සියලුම පනත් අධිකරණ තීන්දු සහ දඬුවම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට පත්වීමේ දැවැන්ත නීතිමය අර්බුදයක් නිර්මාණය වී ඇති බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පවසයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් ජාතික රාජ්‍ය සභාවේ 2/3ක මෙහෙයවීමෙන් පනවා ඇති බව පෙන්වා දෙන ඒ මහතා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කර ඇත්තේ මෙම දෝෂ සහිත ඉංග්‍රීසි වගන්තිය පදනම් කරගෙන බව සඳහන් කරයි.
මේ හේතුවෙන් ව්‍යවස්ථාවේ 30.2 (ජනාධිපති ධූර කාලය) 62.2 (පාර්ලිමේන්තු කාලය) සහ 83 (ආ) ඡේදය අතර බරපතල පරස්පරතාවයක් හටගෙන ඇත. මෙම ව්‍යවස්ථාපිත ගැටලුව මෙතෙක් නිවැරදි කර නොමැති නිසා 2015 සිට කතානායකවරයාගේ සහතිකයෙන් පැනවූ සියලුම නීති සහ පනත් අහෝසි වන තත්ත්වයට පත්ව තිබේ.
2015න් පසු පැනවූ පනත් මගින් නියම කළ දඬුවම් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් සහ ලබාදුන් සියලු අධිකරණ තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම් බවට පත්වේ.
ජනාධිපති ධූර කාලය වසර 6ක් ලෙස සැලකීම නිසා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වසරක හිඟ වැටුප් ගෙවීමට සිදුවනු ඇත.
වත්මන් ආණ්ඩුවේ නිල කාලය වසර 5ක් නොව වසර 6ක් වන අතර පවතින තත්ත්වය මත පළාත් සභා ක්‍රමය ලංකාවෙන් මුළුමනින්ම අහෝසි වී යනු ඇත.
වැරදිකරුවන් වූ පිරිසට වන්දි ගෙවීමට රජයට සිදුවීමෙන් රට හමුවේ දැවැන්ත බරපතල අර්බුදයක් නිර්මාණය වේ.
නීතිඥවරුන් 209 දෙනෙකුගේ මැදිහත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් ජනාධිපති ලේකම් වෙත අදාළ දෝෂය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර මෙම සිදුවීමත් සමග මුළු රටේම නීති පද්ධතියම දැවැන්ත අවුලකට ඇද වැටී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාගේ දුරකථන 0712063394)

