අප රටේ භයංකාර අභියෝගාත්මක කඩයිමකට හැරවුම් ලක්ෂයකට පැමිණ ඇති බවත් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩු යටිකුරු කරමින් ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනවල බෙදුනු බලය පලුදු කරමින් සංවරණ හා තුලන ප්‍රතිපත්ති තුළ පදනම් ව ඇති ප්රජාතන්ත්රවාදය විනාශ කරන කුමන්ත්‍රණයක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකි බවත් මෙය ජන බලයෙන් පරාජයට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි නීතීඥ සංගමය, සමගි රණවිරු බලවේගය හා දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එළැඹෙන 24 වැනි දා සමගි ජන බලවේගය පොල්දුව මංසන්දියේ දී පවත්වන සාමකාමී උද්ඝෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි
ගල් අගුරු වංචාව සිදු වූයේ මේ ජවිපේ රාජ්‍ය පාලනය තුළ බවත් එදා සමගි ජන බලවේගය විදුලි බල ඇමතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන විට මේ 2/3ම සිටි නිසා විපක්ෂය එය පරාජය පත් වූ නමුත් අවසානයේ බලශක්ති ඇමතිවරයාට ඉල්ලා අස්වීමටත් ලේකම්වරයාට ඉල්ලා අස්වීමටත් සිදුවූ බවත් 69 ලක්ෂයේ ජනාධිපතිවරයාට පවා සිය ධුරය අතහැර යාමට සිදුවූයේ මේ ජන බලය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සියලු ප්රගතිශීලී කොටස් එකට එක්ව මේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට විරුද්ධ විය යුතුයි
මේ කරුණු කාරණා තුළ නොබියව නොපසුබටව නොපැකිළිව මුහුණ දිය යුතු බවත් විරුද්ධ වන්නට ජනතා ඒකාරාශියක් විය යුතු බවත් විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගයේ වගකීම වන්නේ රටේ ප්රජාතන්ත්රවාදය පිරිහී විනාශ වී ඒකාධිපති පාලනයක්, ආඥාදායක ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත වීම වැළැක්වීම බවත් ඒ සඳහා සියලු ප්රගතිශීලී කොටස් සම්බන්ධ කර ගත් ප්රජාතන්ත්රවාදී විරෝධතාවක් පවත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය සෑම ආයතනයක්ම පැලවත්තකරණයට ලක් කරන්න හදනවා
ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම යෞවන සමාජ හා සිවිල් ආරක්ෂක බලකා නිලවරණ තුළින් ද ආරම්භ වූ බවත් එය දැන් ගරු අධිකරණය දක්වා ව්‍යාප්ත වී ඇති බවත් ඉදිරියේ දී මේ අය සෑම ප්රජාතන්ත්රවාදී ආයතනයක්ම පැලවත්තකරණය කරන බවත් මේ ඒකාධිපතිවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
22 සම්මත වෙන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි
2023 ලංකාවේ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන කළ වාර්තාව තුළ හෝ මේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන සඳහන් නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශ පවා ඇති බවත් ගරු අධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරනවා නම් ජනතා පරමාධිපත්‍යයට බලපාන නිසා ජනමත විචාරණයක් කරා යා යුතු බවට කියන බවත් මෙවැනි පූර්වාදර්ශ තිබියදී 22 වැනි සංශෝධනය අනුමත කරන්න 2/3 සේම ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බලය කියන එක තාවකාලික බව රජය අවබෝධ කර ගත යුතුයි
අනෙක් කරුණ වන්නේ 22 සංශෝධනය ගැන ගරු අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කර නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා රැස්වීම්වල දී මේ තීන්දුව 2/3 පමණක් සම්මත කරන බවට පවසන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් බලය තාවකාලික දෙයක් බවත් එය වත්මන් රජය අවබෝධ කර ගත යුතු බවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇත්තේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ක්රමයේ වෙනසක් ඇති කිරීම වුවත් තවමත් මේ ක්රමයේ වෙනස සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

