අක්කර 135ක තේ වත්තක් අයිති කරගැනීමේ සිද්ධියක්: ජාමුනි කමන්ත තුෂාර මහතාට අපරාධයින්ගෙන් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්!

කොළඹ, 2026.09.07 – “අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා වෙත අපරාධයින්ගෙන් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අක්කර 135කින් යුත් තේ වත්තක් යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ සහ මුස්ලිම් පුද්ගලයන් තිදෙනෙකු යොදවා අයිනිකර ගැනීම සම්බන්ධයෙන් එම සංවිධානය මඟින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව මෙම පියවර ගෙන ඇත.

අක්කර 135ක තේ වත්තක් සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් 2026.08.20 දින ඉදිරිපත් කරන ලද ලිපියක් පදනම් කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අදාළ තොරතුරු සහ ලේඛනගත සාක්ෂි සමඟ ප්‍රකාශයක් ලබා දීම සඳහා 2026.09.14 වන දින උදෑසන 09:00 ට කොළඹ 01, පැරණි පොලිස් මූලස්ථානයේ පිහිටි විමර්ශන ඒකක 01 වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.

මෙම කැඳවීම කර ඇත්තේ අපරාධයින්ගෙන් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ඒකකය 01 හි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් රෂින්ත පියරත්න මහතා විසිනි.

Share.
Leave A Reply