වී සඳහා නිසි මිලක් නොමැතිකම සහ නිෂ්පාදන වියදම් දැවැන්ත ලෙස ඉහළ යාම හේතුවෙන් දිවයිනේ ගොවි ජනතාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට හා අසරණභාවයකට මුහුණ දී සිටින බව ජන අරගල සන්ධානය පවසයි. වී වලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා (2026.09.14) දින නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මේ බව හෙළි කළේය.

