වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව තනි පක්ෂ පාලන ක්‍රමයක් සකස් කරන්න පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. ඒ වගේම තනි පක්ෂ පාලන ක්‍රමයක් රට තුළ ඇති වීමේ භයානක තත්ත්වය ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 1950 දී පෙන්වා දී තිබුණා. කෙසේ හෝ ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සකස් කළ පද්ධතිය භාවිතා කරමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ සිට ආණ්ඩුබලය මෙන්ම රාජ්‍ය බලය ලබා ගැනීමේ විශාල කාර්යයක ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙලට මුහුණ දෙන්න සමගි ජනබලවේගය සූදානම්.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය දකින්න ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළ කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය බයයි. ඔවුන් විඥාණවාදයට , ආගමට බයයි. නමුත් මෙම කණ්ඩායම බලය ලබාගත් පසු මෙම කාරණා දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගනු ලබනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළ කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍ර අක්ෂරයටත් බයයි. කෙසේ නමුත් ප්‍රජාතාන්ත්‍රවාදය පදනම් කර ගනිමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජ වෙළඳපොළත් ඉදිරියට ගෙන යන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ගන්නා උත්සාහයන්ට කොන්දේසි විරහිතව නැගි සිටිනවා. ඒ වෙනුවෙන් පාරට බහින්නත් සමගි ජනබලවේගය සූදානම්.

ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව රජරට ජනතාව රැස් කිරීමට පෙර සමගි ජනබලවේගය රජරට ජනතාව රැස් කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය අනුරාධපුර කේන්ද්‍ර කරගත් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන පරිපාලන දිස්ත්‍රික්ක සහ මැතිවරණ දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් සැලසුම් සහගත ක්‍රියාවලියක් ගෙනයමින් තිබෙනවා. සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ආණ්ඩුව අනුගමනය කළාට සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළට සම වෙන්න ආණ්ඩුවට කිසිසේත් හැකියාවක් නැහැ. ඒ වගේම සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක සිටි පිරිස බලය ලබාගෙන එම බලය රැක ගැනීමට විවිධ දේශපාලන ප්‍රචාරක කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම බලය හිමි ජාතික ජනබලවේගයෙන් ගැලවී යන කොටස් එකතු කරන්න තවත් පක්ෂ කිහිපයක් මේ වනවිට දේශපාලන ප්‍රචාරක වැඩ කටයුතුවල නිරත වී සිටිනවා. නමුත් බහුතරයක් ජනතාවට අත්හදා බලන්න නායකයන් රටේ නැහැ. ඒ නිසා විශ්වාසනිය කණ්ඩායමක් සිටින , විශ්වාසනිය වැඩපිළිවෙලක් තිබෙන සමගි ජනබලවේගට පමණයි රට ගොඩනැගීමේ හැකියාව තිබෙන්නේ.

ඒ වගේම රැස්වීම් පවත්වන්නේ නැතිව පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්නැයි ආණ්ඩුවට සමගි ජනබලවේගය අභියෝගයක් එල්ල කරනවා. ඕලු ගෙඩිවලින් සහ සමීක්ෂණ වාර්තා සකස් නොකර පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයකය සූදානම්. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරයාගේ කණ්ඩායම හොදද නරකද කියලා බලන්න පුලුවන්.

ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. බලය මත්වී පසුගිය ආණ්ඩු සිදුකළ දේවල් වලින් ඒ ආණ්ඩුවලට අන්ත පරාජයන්ට වලට ලක්වෙන්න සිදුවුණා. ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ සංශෝධනය කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. ඒ සංශෝධන සිදුකරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් , අන්‍යාගමික පූජකවරුන් , දේශිය සහ ජාත්‍යන්තර සංවිධාන විරෝධය පළ කරද්දී ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.‘‘

Share.
Leave A Reply