සමාජවාදී තරුණ සංගමය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ‘Youth Summit’ වැඩසටහනේ කැලණිය ආසන සමුළුව පෑලියගොඩ රෝයල් බෝට් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා කැලණිය ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අනාගතයේ නායකත්වය තරුණයින්ට: ඉදිරි වසර 10-15 ඇතුළත මෙරට තීරණාත්මක බලවේගය වන්නේ Gen Z සහ Alpha පරම්පරාව බැවින්, රටේ අනාගතය භාරගැනීමේ ප්‍රධාන වගකීම ඔවුන් වෙත පැවරෙන බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මෙහිදී අවධාරණය කළේය.

නව යුගයක අරගලය: අතීතයේ පැවති අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට වඩා, වර්තමානයේ තරුණ පරම්පරාවට ඇත්තේ ආණ්ඩුකරණය පිළිබඳ සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වගකීමක් බවත්, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා තරුණ පෙළ සක්‍රීයව පෙළගැසිය යුතු බවත් සඳහන් කළේය.

ආර්ථික පිම්ම: ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනයේ ආදායම්-වියදම් පරතරය අවම මට්ටමකට ගෙන ඒමට රජය සමත් වී ඇති අතර, 2025 වසරේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 5,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව මෙහිදී අනාවරණය විය.

තරුණ තරුණියන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති සඳුන් යාපා, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන්කිර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply