වයඹ අභිමන් 2026 අධ්‍යාපනික, සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනයේ කෘෂිකර්ම දිනයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඊයේ (13) වන දින සහභාගී විය. කුරුණෑගල ජනකලා පදනම් පරිශ්‍රයේ පැවැති මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරතුමන් වන තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිළධාරීන්, කලාකරුවන් විශාල පිරිසක් සහභාගී විය.

ඉතිහාසය , කලාව , සාහිත්‍ය මෙන්ම කලාකරුවන්, නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ පාසල් දුවාදරුවන් මෙන්ම සමස්ත දරු පරපුරේ නිර්මාණශීලී හැකියාවන් ඉදිරියට ගෙන යෑමට මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලේය..

මට කෙනෙක් කිව්වා ආරාධනා කළාට පස්සේ කතාවකට අවසර ගන්න එපා කිව්වා. මම දැන් ඒක කළා. මම වේදිකාවල දැකලා තියෙනවා වැඩි කාලයක් ගන්නේ අවසර ගන්න. සභාවකට අවසරයක් නැතුව ඇතුල් වුණොත් අවසර ගත යුතුයිලු.

මේ වැඩේට මගෙන් දිනය ඉල්ලගත්තේ මාස එකහමාරකට විතර කලින්. මෙතනට එනකන් මට මේ වැඩේ ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. විද්‍යාව ගැන වී. අයි. ලෙනින් කියන දාර්ශනිකයා මෙහෙම අදහසක් කියලා තියෙනවා. පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. ඉර අප වටා කැරකෙනවා කියලානේ අපිට පේන්නේ. පස්සෙනේ අපි ඉර වටා කැරකෙනවා කියලා හොයාගත්තේ. පෙනෙන දේ ඇත්ත නෙවෙයි, විද්‍යාවෙන් තමයි තහවුරු කරගෙන තියෙන්නේ.

මේක සංස්කෘතික උළෙලක්. සොබාදහමෙන් අපිට නොලැබුණු අපි විසින් නිර්මාණය කරගත්ත සියල්ල සංස්කෘතිය වන්නේය. වැඩිහිටියන්ට වඳින එක, ගුරුවරුන්ට වඳින එක අපි විසින් නිර්මාණය කරගත්ත දේවල්. සත්තු කිසි දෙයක් නිර්මාණය කරගන්නේ නැහැ. අද මෙතන තියෙන්නේ සංස්කෘතික වැඩක්. ඉස්කෝලේ යන කාලේ නිල නොවන ඉස්කෝලෙක ඉගැන්නුවා වාක්‍යයක්. ඉගෙනගන්නේ ඇයි? තේරුම් ගන්න. තේරුම් ගන්නේ ඇයි? වඩාත් යහපත් ලෙස ලෝකය සකස් කරගන්න. ලෝකයේ තියෙන වැදගත්ම විෂය තමයි දේශපාලනය. ඒක තමයි පසුගිය කාලයේ අපේ රටේ නොවැදගත්ම විෂය බවට පත්කරලා තිබුණේ. දැන් අපි ඉන්නේ පුනරුද යුගයක.”

Share.
Leave A Reply