විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී මෙසේ ද කීය.
ස්ථාවර නියෝග හා වරප්‍රසාද පනත යටතේ සියලුම මන්ත්‍රීවරුන් එක හා සමානව සැලකීම කතානායකවරයාගේ වගකීම බවත් සභානායකවරයා අවස්ථාව ලබා දුන්නා සේ විපක්ෂයට ද අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට දිනපතාම රට පුරා මනුෂ්‍ය ඝාතන නිසා ජීවිත හානි සිදුවන බවත් මේවා ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවක් බවත් මේ නිසා දිනපතාම මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත වුවත් මේ තත්ත්වය පාලනය කර ගන්න රජයට නොහැකි වී ඇති බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ජාතික ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූ අවස්ථාවේ දී එයට ආණ්ඩු පක්ෂයෙන් සේම කතානායකවරයාගෙන් ද විරෝධය පළ වී එම ජාතික ආරක්ෂාවට අදාළ කරුණු දැක්වීම සිදු කිරීමට බාධා පමුණුවන ලදි.

