වසර 20කට අධික දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබූ රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් (EPF/ETF සහ පාරිතෝෂික) කඩිනමින් ගෙවා නිම කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් බිලියන 4.5ක (මිලියන 4,500ක) මුදලක් ප්‍රතිලාභීන් වෙත පිරිනැමීමේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් 10 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බඳු වතු ජනතාව විශ්‍රාම යාමෙන් පසුව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුද හඳුනාගනිමින්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආයතන මට්ටමින් හිඟ මුදල් වෙන්කිරීම්:පසුගිය ආණ්ඩු සමයන්හි නොගෙවා තිබූ මෙම හිඟ මුදල් රාජ්‍ය වැවිලි ආයතන තුනක සේවකයින් 10,123 දෙනෙකු අතර බෙදී යන්නේ පහත පරිදිය:වැවිලි ආයතනයප්‍රතිලාභී සේවකයින් ගණනවෙන්කළ මුළු මුදල (රුපියල්)ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB)6,123මිලියන 2,024 කට අධිකශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC)3,000මිලියන 1,961 කට අධිකඇල්කඩුව වැවිලි සමාගම1,000මිලියන 503 කට අධිකඑකතුව10,123මිලියන 4,488 (ආසන්න වශයෙන් බිලියන 4.5)අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් සමාරම්භය”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව, මලයගම් වතු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන මෙම විශේෂ වැඩසටහන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Share.
Leave A Reply