පෞද්ගලික අමනාපයකට තරුණයෙකු මරා පුලුස්සා දැමූ හැටි! – තලාතුඔය මිනීමැරුමේ සැකකරුවන් මාට්ටු!
දින කිහිපයක සිට අතුරුදන්ව සිටි බව්ලාන ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයාගේ පිලිස්සුණු සිරුර කැලෑබද ප්‍රදේශයකින් හමු වෙයි!
පොල්ලකින් පහරදී ඝාතනය කර පුළුස්සා දමා තිබූ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අවුරුදු 18 හා 41 වයස්වල පසුවන එම ප්‍රදේශයේම සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිවේගී පිවිසුම අසලදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් තවත් පැදියක ගැටී 19 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මරුට!
මාතර – අකුරැස්ස මාර්ගයේ ගොඩගම අධිවේගී පිවිසුම අසලදී සිදුවූ ඛේදනීය අනතුරකින් පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යතුරු පැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී විසිවී ගොස් බස් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
කොස්ලන්දේදී ටිපර් රථයක ගැටී රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයෙකු අවාසනාවන්ත ලෙස මරුට!
කොස්ලන්ද – වැල්ලවාය මාර්ගයේ උඩුමුල්ල ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ සිදුවූ රිය අනතුරකින් කොස්ලන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 58 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇත. ටිපර් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට.
නීතිවිරෝධී මත්පැන් බෝතල් 270ක් සමග ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක් රාගමදී සහ රත්නපුරයේදී කොටුවෙයි!
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් ලීටර් 200කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

