ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන් සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” අද (01) අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී ගත් ප්‍රධාන තීරණ 07 මෙන්න:
2027 අලුත් අවුරුදු නැකත් සීට්ටුව එළිදකියි: ජාතික නැකත් කමිටුව සකස් කළ 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව මහා සංඝරත්නය වෙත පූජා කෙරේ.
“අධිෂ්ඨානයේ සංහිඳ” සහ “යතිවර මාපිය නිවහන”: ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් විහාරස්ථාන ප්‍රතිසංස්කරණය සහ යතිවර මාපිය නිවහන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
“උරුමයට ජීවයක්”: පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ දැවැන්ත ජාතික වැඩසටහන ආරම්භයට.
ඩිජිටල්කරණය සහ ලියාපදිංචිය: බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් භික්ෂූන් වහන්සේලා ලියාපදිංචිය වඩාත් විධිමත් කෙරේ.
අටපිරිකර සඳහා නව ප්‍රමිති: විනයානුකූල හා උසස් ප්‍රමිතියෙන් යුත් අටපිරිකර පමණක් වෙළඳපොළට නිකුත් කිරීමට අදාළ යෝජනා සම්මත වේ.
“දිවියට සුවයක් – දහමට සවියක්”: ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජ්‍ය උතුමන්ගේ සෞඛ්‍ය හා සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කෙරේ.
සංඝරත්නයේ ගැටලුවලට රාජ්‍ය මැදිහත්වීම: කාලීන ශාසනික අභියෝගයන් සඳහා රජය මැදිහත් වී වහා විසඳුම් ලබා දීමට තීරණය කෙරේ.

