මෙරට ඛනිජ සම්පත්වලින් උපරිම ජාතික ආර්ථික ප්රතිලාභ ලබා ගැනීම සඳහා වන “අපනයන ප්රමුඛ 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීම සහ ඛනිජ කර්මාන්ත ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය:
අගය එකතු කළ ඛනිජ අපනයනය: raw materials ලෙස යැවීම වෙනුවට අගය එකතු කිරීමේ (Value Addition) ක්‍රියාවලිය වේගවත් කරමින් ජාතික ආර්ථිකය හා අපනයන ආදායම පහසුවෙන් ඉහළ නැංවීම.
ආයෝජක ගැටලුවලට ක්ෂණික විසඳුම්: කැණීම් බලපත්‍ර ලබාගැනීමේදී සහ රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින් මුහුණ දෙන ප්‍රමාදයන් හා බාධා වහා නිරාකරණය කිරීම.
දේශීය කර්මාන්ත හා R&D ප්‍රවර්ධනය: යටිතල පහසුකම් නැංවීම, ආයෝජක සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන (Research & Development) කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය.
පූර්ණ විනිවිදභාවය: ආයෝජන කැඳවීමේදී පවතින ගැටලු ඉවත් කරමින්, අදාළ සියලු රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහිතව විනිවිදභාවයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස්.

