රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අධිකරණ භූමියේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ, මීට පෙර සැකකරුගේ නළල මැද කැපී පෙනෙන ලෙස සටහන්ව තිබූ රතු පැහැති ප්‍රබල තිලකය අද අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාව වන විට සම්පූර්ණයෙන්ම මකා දමා තිබූ බවයි.
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල පුරුකක් වන මොහුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඉදිරි විමර්ශන රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් ඉදිරියටම ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

