මරණ 71ක් වාර්තා වෙයි:

රෝගීන්ගෙන් 53%ක්ම බස්නාහිරින් – ජූනි, ජූලි මාසවල අතිප්‍රබල ව්‍යාප්තියක්!

ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින අතර, මෙරට මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,635 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා තහවුරු කරයි.

අගෝස්තු 21 වනදා මධ්‍යම රාත්‍රිය වන විට මෙම දත්ත වාර්තා වී ඇති අතර, මේ වන විට සිදු වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 71කි. මෙරට ඩෙංගු මරණ අනුපාතිකය 0.076% ක් ලෙස සටහන් වේ. 

බස්නාහිර සහ ගම්පහ බරපතල තත්ත්වයකසංඛ්‍යාලේඛන විශ්ලේෂණයේදී පෙනී යන්නේ සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වඩා, එනම් 52.94%ක්ම (49,573 දෙනෙකු) බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.  දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කය රෝගීන් 19,945ක් (21.30%) වාර්තා කරමින් දිවයිනේ වැඩිම අවදානම් සහිත ප්‍රදේශය බවට පත්ව තිබේ.

දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 18,588කි (19.85%). කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් (CMC) පමණක් රෝගීන් 3,763ක් (4.02%) වාර්තා වී ඇත. 

අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 76ක්!සති 33 වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර, දෛනික සාමාන්‍ය මධ්‍යම රාත්‍රී රෝගීන් වාර්තා වීම 809ක් තරම් ඉහළ අගයක පවතී.  ජූනි සහ ජූලි මාසවල අතිප්‍රබල ව්‍යාප්තියක්වසරේ මුල් මාසවලදී සාපේක්ෂව පාලනය වී තිබූ ඩෙංගු තත්ත්වය ජූනි සහ ජූලි මාසවලදී අතිශය උච්ච අවස්ථාවකට ළඟා වී ඇත. 

 (මූලාශ්‍රය: NaDSys පූර්ව අනතුරු ඇඟවීම් සහ නිරීක්ෂණ පද්ධතිය)

Share.
Leave A Reply