ස්ථාවර නියෝග 83(1) යටතේ පාර්ලිමේන්තුවේ හදිසි පූර්ණ විවාදයකට අවසර ඉල්ලයි!

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින දීර්ඝකාලීන පුරප්පාඩු හේතුවෙන් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි බාධා එල්ල වී ඇති බව පවසමින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 (1) යටතේ හදිසි පූර්ණ විවාදයක් කැඳවන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ පා ර් ලි මේන්තු මන්ත්‍රීවරුන් සමූහයක් විසින් කථානායකවරයා වෙත විශේෂ යෝජනාවක් භාර දී තිබේ. 

උසස් අධිකරණවල පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ නොපිරවීම නිසා නඩු විභාග ප්‍රමාද වී ජනතාවගේ යුක්තියට ඇති ප්‍රවේශය අහෝසි වන බව මෙම යෝජනාවෙන් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව ඇතුළු නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව අවශ්‍ය නාමයෝජනා වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සහ රජය පියවර ගත යුතු බවට ද එහි සූචනය කර ඇත. 

අධිකරණ පුරප්පාඩු පිළිබඳ සම්පූර්ණ වා ර් තා වක් පාර් ලි මේන්තුවට ඉදිරිපත් කිරීම, පත්කිරීම් ඉක්මන් කිරීම සහ මාසයක් ඇතුළත ප්‍රගති වාර්තාවක් ලබාදීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 6ක් මෙහි අන්තර්ගත වේ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය තහවුරු කිරීම සඳහා මෙම විවාදය වහාම පවත්වන ලෙස මන්ත්‍රීවරු රැසක් අත්සන් තබමින් ඉල්ලා සිටිති.

Share.
Leave A Reply