ණය උගුලද? ස්වයංපෝෂිතභාවයද? අර්බුදයෙන් ගොඩඑන ජාතික අභියෝගය
ජනතා පරමාධිපත්‍යය පාවාදීම සහ ප්‍රබුද්ධ නව ජනතා ව්‍යාපාරයේ නැගීසිටීම
යථාර්ථය සහ ගතයුතු මඟ: ගෝලීය බලවේග හමුවේ අසරණ වූ ජනතා අපේක්ෂා
විශම චක්‍රය බිඳ දැමීම: පිනට කන සමාජයකින් නිෂ්පාදන ආර්ථිකයකට
76 වසරක මුග්ධ මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද?
ගෝලීය අර්බුද හමුවේ දේශයේ අනාගතය සහ නව ජනතා බලවේගයේ වගකීම
රාජ්‍ය බලය, IMF කොන්දේසි සහ රට සුරක්ෂිත කිරීමේ අභියෝගය
සත්‍යය කතාකිරීමේ මොහොත: අර්බුදයෙන් මිදීමට ජාතික සංවාදයක්
ප්‍රබුද්ධ නව ජනතා ව්‍යාපාරය: අනාගත ශ්‍රී ලංකාවේ එකම විකල්පය
යථාර්ථය සහ ගතයුතු මඟ
පරමාධිපත්‍යයේ සැබෑ අභියෝගය සහ ජාතික ස්වයංපෝෂිතභාවයේ මාවත
උපාලි චන්ද්‍රසිරි (ලේකම්, ලේකම් මණ්ඩලය – ජනතා පාර්ලිමේන්තු කණ්ඩායම)
වසර 76ක සාම්ප්‍රදායික පාලන ක්‍රමයෙන් පසුව දේශපාලන වෙනසක් සිදු වුවද, ජනතාව පැතූ අපේක්ෂාවන් ඉටු නොවූයේ මන්ද? ගෝලීය බලවේග, පැරණි ආකල්ප සහ පවත්නා ආර්ථික විශම චක්‍රය බිඳහෙළමින් සැබෑ ජාතික ස්වයංපෝෂිත භාවයක් කරා රට මෙහෙයවීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ කෙරෙන විග්‍රහයකි.
ලෝක ප්‍රභූ සංගමයේ මෙහෙයවීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිතව, වසර 76ක් තිස්සේ අපේ දේශය පාලනය කළ සේනානායක, බණ්ඩාරනායක, විජේවර්ධන සහ රාජපක්ෂ පවුල්වලින් හා උන්ගේ බත්බැලයන්ගෙන් රට මුදාගෙන වසර දෙකක් ගෙවී ගොස් ඇත. එහෙත්, පොදු ජනතාව පැතූ පැතුම් හෝ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවන් මෙතෙක් ඉෂ්ඨ වී නැත. පවතින සැබෑ යථාර්ථය වන්නේ, එම පැරණි පාලකයන්ට වසර 76ක් පුරා ඉටුකිරීමට නොහැකි වූ දේශද්‍රෝහී වැඩපිළිවෙළවල් සියල්ල, වත්මන් NPP ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට ගෝලීය බලවේග සහ ඇඩ්වොකාටා වැනි උපදේශක ආයතන වඩාත් සක්‍රීය වී තිබීමයි. මේ හරහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය බලය දරන ජනතා විමුක්ති පෙරමුණද අන්ත අසරණ තත්ත්වයකට පත්කර ඇත.
පොදු ජනතාව අසරණ කරන මෙවලම් 5
රොත්ස්චයිල්ඩ් සහ රොකෆෙලර් ප්‍රමුඛ ගෝලීය පාලකයන් විසින් නිර්මාණය කර භාවිත කරන ප්‍රධාන මෙවලම් පහක් හේතුවෙන් අපගේ දේශය නිරන්තරයෙන්ම අර්බුදයන්හි ගොදුරක් බවට පත්ව ඇත:
පැරණි දේශපාලන පක්ෂ: ගෝලීය ප්‍රභූ සංගමයේ වහලුන් ලෙස මීට පෙර රාජ්‍ය බලයේ සිටි සියලු පක්ෂ.
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (NGOs): ජාත්‍යන්තර ආධාර මත යැපෙමින් දේශීය ප්‍රතිපත්ති හසුරුවන ආයතන.
උගත් වෘත්තිකයන් සහ රාජ්‍ය නිලධාරීන්: ඉතිහාසය පුරා බටහිර ආකෘතීන්ට මනාව පුරුදු පුහුණු කරන ලද ඉහළම පෙළේ නිලධාරී තන්ත්‍රය.
කුමන්ත්‍රණකාරී බලවේග: දේශද්‍රෝහී සහ ජනතා ද්‍රෝහී ලෙස අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්.
මුග්ධ සමාජ මානසිකත්වය: වසර 76ක් තිස්සේ අධ්‍යාපනය සහ මාධ්‍ය ඔස්සේ රෝපණය කරන ලද, “වැඩි වෙහෙසක් නැතිව බොරුවෙන් හා වංචාවෙන් ශේප් එකේ ගානක් හොයාගෙන ජීවත්වීමේ” විනාශකාරී මානසිකත්වය.
විශම චක්‍රය බිඳ දැමීම සහ ස්වයංපෝෂිතභාවය
ආහාර, ඖෂධ, ඉන්ධන සහ බලශක්ති අර්බුදවලින් මෙන්ම ඉදිරියේදී එන එල්නිනෝ, ලානිනෝ වැනි දේශගුණික විපර්යාස සහ ලෝක යුද්ධ තත්ත්වයන්ගෙන් රට මුදාගැනීමේ පූර්ණ වගකීම අද පැවරී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ උරමතටයි. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන ලබාදෙන ණය සහ ආධාරවල කොන්දේසිවලට යටත්ව, රාජ්‍ය දේපොළ පෞද්ගලිකරණය කිරීමත් ජනතාව සතුටු කිරීමට සහනාධාර සැපයීමත් යන තෙරක් නොපෙනෙන විශම චක්‍රයේ ආණ්ඩුව හිරවී සිටියි.
මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට නම්, ජනතා විමුක්ති පෙරමුණ මෙම විශම චක්‍රය වහා බිඳ දැමිය යුතුය. හොර සිතින්, පිනට කන සමාජ මානසිකත්වය වෙනස් කොට, ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත සාමූහික ජාතික ආර්ථික ක්‍රියාවලියක් වෙත මෙහෙයවීම යුගයේ ප්‍රමුඛතම කාර්යයයි.
සත්‍යය කතාකිරීම සහ ප්‍රබුද්ධ නව ජනතා ව්‍යාපාරය
රාජ්‍ය බලය ලබාගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේ, ජනතාව විසින් පත්කරන නියෝජිතයන් අප්‍රසාදයට පත්වූ වහාම නැවත කැඳවීමේ බලය කොට්ඨාශ සභාවලට පවරන බවයි. ඒ හරහා පක්ෂයකට හෝ ආණ්ඩුවකට පාලනය කළ නොහැකි සක්‍රීය ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරිණි. එහෙත්, පැරණි දේශපාලන බලවේග, මාධ්‍ය සහ නිලධාරීන් එකතුව ජනතාව මුලා කරමින් සිටින මොහොතක, ආණ්ඩුව බිඳවැටීමේ බියෙන් ජනතාව සමග සත්‍යය කතාකිරීමට ආණ්ඩුව මැලි කමක් දක්වයි.
එබැවින්, ගෝලීය අර්බුද හමුවේ රට සහ ජනතාව සුරක්ෂිත කරමින් ස්වයංපෝෂිත රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජනතාව සමග සත්‍යය කතාකරමින්, අවශ්‍ය ජනතා බලය අප්‍රමාදීව ගොඩනැගීමේ මහත් වූ කාර්යය දැන් පැවරී ඇත්තේ ප්‍රබුද්ධ නව ජනතා ව්‍යාපාරයකටයි.

