ලොවක් හඬවමින් මඟදමා ගිය 4 වසරේ පුංචි දියණියගේ අමානුෂික සිදුවීමේ සුරූට්ටුව ලෙහෙයි – මව් සෙනෙහස පාවාදුන් අම්මා පොලිස් අත්අඩංගුවට!

සිද්ධිය කෙටියෙන්:

අවුරුදු 4ක අහිංසක දැරියකට අමානුෂික ලෙස පහරදී, වත්තේගම – යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක තනි කර දමා පළා ගිය සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලීසිය විසින් අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂිතම කරුණ වන්නේ, දැරිය එම ස්ථානයේ දමා ගිය සැකකාරිය අන් කවරෙකුවත් නොව අදාළ දැරියගේම වැදූ මව බවට විමර්ශනවලදී තහවුරු වීමයි.

පොලිස් විමර්ශන සිදුවූ හැටි:

ඊයේ (13) උදෑසන 7:00ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම දැරිය පාළු ස්ථානයට දමා ගොස් තිබුණි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසිය මඟින් දැරිය භාරයට ගන්නා ලදී.

ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ සිදුකළ ක්ෂණික විමර්ශනවලින් අනතුරුව අදාළ ත්‍රීරෝද රථය සහ සැකකරුවන් හාලිඇලදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට Page එක Follow කරන්න | Share කරන්න

Share.
Leave A Reply