දිස්ත්‍රික්ක 14කට දරුණු බලපෑම්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 93ක් ගංවතුරින් හා නායයෑම්වලින් බැටකයි!
පවුල් 4,358ක පුද්ගලයින් 17,120ක් අවතැන්!
1,250ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල!
උඩරට දුම්රිය මාර්ගය රඹුක්කන සිට නානුඔය දක්වා සම්පූර්ණයෙන්ම අක්‍රීයයි!නාවික හා ධීවර ප්‍රජාවට “රතු නිවේදනයක්” – මුහුද ඉතා රළු වේ, යාත්‍රා කිරීමෙන් වළකින්න!
බලපෑමට ලක්වූ මුළු පුද්ගලයින්17,120බලපෑමට ලක්වූ මුළු පවුල් සංඛ්‍යාව 4,358 වාර්තා වූ මරණ සංඛ්‍යාව08 අතුරුදහන් වූවන් 02 තුවාල ලැබූවන් 07 හානියට පත් නිවාස සංඛ්‍යාවපූර්ණ හානි 02 / අර්ධ හානි 663සුරක්ෂිත මධ්‍යස්ථාන ගණන29 (පවුල් 333ක පුද්ගලයින් 1,250ක්)
ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳ කම්පනකාරී විස්තර:නුවරඑළිය (අඹගමුව): නායයෑම් සහ දරුණු ජල පහරට හසුවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු (වයස අවුරුදු 21, 47, 52, 53, 85) ජීවිතක්ෂයට!මහනුවර (නාවලපිටිය): පස්කණ්ඩි කඩා වැටීමෙන් 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියයයි.පුත්තලම: දරුණු මුහුදු රළ පහරට හසුවී 34 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට.
හදිසි කාලගුණ හා මාර්ග/දුම්රිය තත්ත්වය:
දුම්රිය ගමනාගමනය: උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත. (දුම්රිය ධාවනය වන්නේ නානුඔය සිට බදුල්ල දක්වා පමණි).
මාර්ග බාධා: මාතලේ රිවස්ටන් මාර්ගය සහ කෑගල්ල යටියන්තොට – පූනාගල මාර්ගවල පස්කඳු කඩා වැටීම නිසා සැහැල්ලු වාහන සඳහා පමණක් සීමා කර ඇත.
ජලාශ වාන් දොරටු: කැළණි ගඟේ පොල්පිටිය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටින්න.
තද සුළං හා මුහුද රළු වීම: පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස රතු නිවේදන නිකුත් කර ඇත.
ජනතාවට විශේෂ පණිවිඩය:ගංවතුර, නායයෑම් සහ අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න. හදිසි ආපදා තත්ත්වයකදී වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන්න!

