හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන විදෙස්ගත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාගේ මාධ්‍ය නිලධාරි ප්‍රභාත් මාතරගේ පවසයි.
පසුගිය දිනවල පොළොන්නරුවේ මහජන සංවර්ධන කටයුතුවල නිරත වූ ඔහු මේ වන විට කොළඹ රැඳී සිටින අතර, විදෙස්ගත වීමේ කිසිදු සූදානමක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් තහවුරු කළේය.

