බන්ධනාගාර අවුල ජාතික ආරක්ෂාවට ප්‍රබලව බලපානවා  සජිත්

 ඇමති ආනන්ද විජේපාල  තත්තවය පාලන කර ජනපති  විශේෂ අවධානයක් විශේෂ නිලධාරින් හමුවක්

“මැගසින් සහ කුරුවිට මරණ 3ක්.. පල්ලන්සේනත් කලබලයි!” — බන්ධනාගාර ගැටුම් ගැන අධිකරණ ඇමතිගෙන් වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සජිත්ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රකාශයක්!

බන්ධනාගාර අවුල ජාතික ආරක්ෂාවට ප්‍රබලව බලපානවා

“මෙවැනි බරපතල තත්ත්වයක් හමුවේ සභාව මෙන්ම මුළු රටම දැනුවත් කිරීම අමාත්‍යවරයාගේ වගකීමක්!” — විපක්ෂ නායක

දිවයින පුරා බන්ධනාගාර කිහිපයකම මේ වන විට මතුව ඇති ගැටුම්කාරී සහ නොසන්සුන් තත්ත්වය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා වහාම පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

වාර්තා වන ප්‍රධාන තොරතුරු:

මැගසින් බන්ධනාගාරය: ඇති වූ සිදුවීමෙන් එක් මරණයක් වාර්තා වේ.

කුරුවිට බන්ධනාගාරය: සිදුවීම් හේතුවෙන් මරණ 2ක් සිදුව ඇත.

පල්ලන්සේන රැඳවුම් කඳවුර: එම ස්ථානයේ ද යම් කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බවට වාර්තා වේ.

Share.
Leave A Reply