පසුගිය පැය කිහිපය තුළ මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහවැලි ගඟ ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ ගණනාවකට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 🟠
අනතුරු ඇඟවීමේ වර්ණය: ඇම්බර් (Amber)
වලංගු කාලය: 2026.08.04 පෙ.ව. 12.30 දක්වා (ඉදිරි පැය 24) දැඩි අවධානයෙන් සිටිය යුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ: උඩුනුවර උඩපළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්බාගේ කෝරළේ ගඟවට කෝරළය
විශේෂ ඉල්ලීම:මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. ආපදා කළමනාකරණ අංශ මඟින් අවශ්‍ය ක්ෂණික පියවර ගනිමින් පවතී.
අන් අයගේ ආරක්ෂාව උදෙසා හැකි තරම් Share කරන්න!

